Friday, November 6, 2026
HomeNEWSයන්නේ දකුණු කොරියාවට..... වන්දි පාකිස්ථානයෙන් අරුම පුදුම ගිවිසුමක් ඇමති විජිත පාර්ලිමේන්තුවේදී හෙළි...

යන්නේ දකුණු කොරියාවට….. වන්දි පාකිස්ථානයෙන් අරුම පුදුම ගිවිසුමක් ඇමති විජිත පාර්ලිමේන්තුවේදී හෙළි කරයි.

යන්නේ දකුණු කොරියාවට….. වන්දි පාකිස්ථානයෙන් අරුම පුදුම ගිවිසුමක් ඇමති විජිත පාර්ලිමේන්තුවේදී හෙළි කරයිදකුණු කොරියානු රැකියා ලබා දීමට E8 වීසා නිකුත් කිරීම නීති විරෝධි බවත් එවැනි ගිවිසුමකට කැබිනට් අනුමැතියද හිමිවී නොමැති බවත් විදේශ කටයුතු,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.අද පාර්ලිමේන්තුවේදී දකුණු කොරියානු රැකියා සම්බන්ධයෙවන් මතුවූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් එ් මහතා මේබව ප්‍රකාශ කළේය.මේ E8 දකුණු කොරියානු රැකියා වීසා ලබාගැනීමට අදාළ ගිවිසුම නීති විරෝධී. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අත්සන්කරපු ගිවිසුම හරිම අමාරුවෙන් අපි හොයාගත්තා. මේක හරි අරුම පුදුම ගිවිසුමක්. ගිවිසුමේ මාතෘකාව තියෙන්නේ ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව කියලා. ඒත් ගිවිසුම ඇතුළේ තියෙන්නේ දකුණු කොරියාව හා පාකිස්ථානය කියළා. මේ ගිවිසුම කියවලත් නෙමෙයි අත්සන් කරළා තියෙන්නේ. ගිවිසුමේ සමහර තැන්වල ශ්‍රී ලංකාව කියලා තියෙනවා සමහර කතැන්වල පාකිස්තානය කියලා තියෙනවා. මේ ගිවිසුම අනුව දකුණු කොරියාවෙදි අනතුරක් උනොත් වන්දි ගන්නවෙන්නේ පාකිස්ථානෙන්. හිටපු ඇමති මනුෂ හා දකුණු කොරියාවේ නගරාධිපතිවරයෙක් අතරේ තමයි මේ ගිවිසුම අත්සන් කරළා තියෙන්නේ. මේ නීති විරෝධි ගිවිසුම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා අපහසුතාවයට පත්වන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඉදිරියේදී සහනයක් ඉටුකිරීමට අප බලාපොරොත්තුවෙනවා යනුවෙන්ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට

ජෝදානයේ අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින්, එහි ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට. තානාපති කාර්යාලයේ සියලු කාර්ය...

බදු බර වැඩි කළ සංශෝධන 12ක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා-ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ හිටපු ආණ්ඩුකාර රජිත කීර්තී තෙන්නකෝන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img