Friday, July 17, 2026
HomeNEWSවසර 77 ශාපයටම පොල් ගෙඩිය රුපියල් සීයයි.. පුනරුද දින 77 ට පොල්...

වසර 77 ශාපයටම පොල් ගෙඩිය රුපියල් සීයයි.. පුනරුද දින 77 ට පොල් ගෙඩිය දෙසිය පනහයි- වජිර පෙන්වා දෙයි.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගත් පසු 25 වතා­වක් විදෙ­ස්ගත වූ බවට චෝදනා නැඟු­වත් එලෙස විදේ­ශ­ගත වූයේ පැවති ආර්ථික අර්බු­ද­යෙන් රට මුදා­ගැ­නී­මට ජාත්‍ය­න්තර සහ­යෝ­ගය ලබා­ගැ­නී­මට පම­ණක්ම බව එජාප සභාපති වජිර අබේ­ව­ර්ධන පවසයි.“රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගැ­නී­මෙන් පසු රට ඔසවා තැබීම වෙනු­වෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කට­යුතු කළා. නමුත් එතුමා ඒ දේවල් තැන්තැ­න්වල කීමට කාලය වැය කළේ නැහැ.මේ රටේ ඇත්ත­ටම සාපය කුමක් ද කියා ජන­තාව දැන්වත් තේරු­ම්ගත යුතුයි. වර්ත­මාන ආණ්ඩුව බල­යට ආවේ 77 වස­රක සාප­යක් ගැන කියලා. ඉතින් බල­න්නකෝ මේ සාපය තිබුණු අවු­රුදු 77ටම පොල් ගෙඩිය රුපි­යල් 100යිනේ. රනිල් වික්‍ර­ම­සිංහ 8 වැනි විධා­යක ජනා­ධි­පති ලෙස කට­යුතු කර රට භාර දී යන­කොට පොල් ගෙඩිය 100 යි. නමුත් මේ ආණ්ඩුව බල­යට ඇවිත් දින 77ක් යන­කොට පොල් ගෙඩිය රුපි­යල් 250 යි. ඉස්ස­ර­හට රුපි­යල් 300ට විතර යයි. ඒ විත­රක් ද රට පුරා හාල් හිඟ­යක් ඇති­වෙලා. ඒ ප්‍රශ්නෙට උත්ත­ර­යක් හොයා­ගන්න බැරි ආණ්ඩුව අද රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පුළු­වන් හැම විදි­ය­ටම දොස් කිය­නවා.හාල් විත­ර­කුත් නෙමෙයි අද ලුණුත් පිට­ර­ටින් ගෙන්වන්න පටන් අරන් තිය­නවා. 2004 දී සුනා­මිය ආව වෙලාවේ ලංකාව වටේ තිබුණු ලුණු ලේවා­යන් සිය­ල්ලම වගේ විනාශ වුණා. නමුත් ලුණු පිට­ර­ටින් ගෙන්නුවේ නෑ. ඒ නිසා තමයි මම කිව්වේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා මේ රට පාල­නය කර­ද්දීත් ඔය කියන රිළව් හිටියා. රනි­ලුත් හිටියා, පොලුත් තිබුණා. ලංකාවේ ප්‍රධාන හාල් මෝල් හිමි­යන් පස් දෙනාත් හිටියා, රනි­ලුත් හිටියා, හාලුත් තිබුණා.කොච්චර කිව්වත් අපේ රටේ මහ­ජ­න­තාව ඒක ඇහුවේ නෑනේ. දැන් ඉතින් රටේ මහ­ජ­න­තා­වම හොඳට හිතලා බලන්න ඕනෑ අවු­රුදු 77ක සාපය ද දවස් 77ක සාපය ද වඩාත් හොඳ කියලා? රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්මයා ජනා­ධි­පති ධුරය භාර­ගෙන ගෙද­රට වෙලා නිදා­ගෙන හිටියේ නැහැ. රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා කිසිම දව­සක අර­ලි­ය­ගහ මන්දි­රයේ හෝ ජනා­ධි­පති මන්දි­රයේ නිදා­ගෙන නැහැ. තව­මත් රට හදන්න පුළු­වන් එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ පම­ණයි“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img