Saturday, October 31, 2026
HomeNEWSලෙබනනයේ නව ජනාධිපති වෙත, ශ්‍රී ලංකාවේ තානාපති අක්තපත්‍ර ප්‍රදානය කරයි.

ලෙබනනයේ නව ජනාධිපති වෙත, ශ්‍රී ලංකාවේ තානාපති අක්තපත්‍ර ප්‍රදානය කරයි.

ලෙබනනයේ නව ජනාධිපති වෙත ශ්‍රී ලංකාවේ තානාපති අක්තපත්‍ර ප්‍රදානය කරයිලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කපිල සුසන්ත ජයවීර මහතා විසින් ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කිරීම පසුගියදා ලෙබනනයේ බීරුට් හී ජනාධිපති මන්දිරයේදී සිදුකරණ ලදී.වසර 3 කට පමණ පසුව ලෙබනනය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මකවීම සහ ඊටසමගාමීව නව ජනාධිපතිවරයෙකු පත්වීම යන කාරණාවලින් අනතුරුව මෙම අක්ත පත්‍ර ප්‍රදානය කිරීම විශේෂත්වයකි.ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුබ පැතුම් ශ්‍රී ලංකාවේ තානාපති කපිල ජයවීර මහතා විසින් ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මැතිතුමා වෙත මෙහිදී පිරිනමන ලදී .ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වසර ගණනාවක් තිස්සේ පවතින දැඩි මිත්‍රත්වය ඉදිරියට තවත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද ලෙබනන් ජනාධිපතිවරයා සහ ලෙබනන් ශ්‍රී ලංකා තානාපතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා කෙරිණ.ශ්‍රී ලංකාවේ සහ ලෙබනනයේ ජාතික ධජ ඔසවමින් දෙරටේම ජාතික ගීත වාදනය කරමින් මහත් අභිමානවත් ලෙස මෙම අක්ත පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණ.ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සනත් බාලසූරිය,තෙවැනි ලේකම් ප්‍රියංකා දිසානායක මහත්ම මහත්මීහු සහ ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img