Thursday, July 16, 2026
HomeNEWSකටවල් වහන්න එන්න එපා- සජිත් පාර්ලිමේන්තුවේදී කියයි.

කටවල් වහන්න එන්න එපා- සජිත් පාර්ලිමේන්තුවේදී කියයි.

අපේ කටවල් වහන්න එන්න එපා. විදුලි බිද වැටීම් ගැන දේශපාලන පළිගැනීම් ගැන වහාම ප්‍රකාශයක් සිදු කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාපාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ජනතාව පෙළෙන ප්‍රශ්න ගැන රට උත්තර අපේක්ෂාවෙන් සිටින බවත් විදුලි බිද වැටීම දිගටම සිදු වෙනවාද? දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදුවෙනවාද? යන ගැටලුවලට උත්තර අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය.මේ විදුලි බිද වැටීම් ගැන සභාවට අමාත්‍යවරයා ප්‍රකාශයක් කළ යුතු බවත් ප්‍රධාන ලේකම්වරු දිසාපතිවරු පූල් එකට දමා දේශපාලන පළිගැනීම් කරන බවත් විදේශ ආයෝජකයෝ පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ ඉරිදාටත් විදුලිය විසන්දි විය හැකි බවට අවදානයක් ඇති බවත් සුර්ය බලශක්තියේ නිෂ්පාදනයට අනුව ඉල්ලුම නොතිබුනොත් විදුලි බිද වැටීමක් වන බවට අවදානමක් ඇති නිසා මේවට රජයෙන් ප්‍රකාශයක් ඇති බවත් නව කර්මාන්තශාලා විවෘත කර යම් අස්ථාවරභාවයක් නිර්මාණය නොවන ආකාරයට කටයුතු කළ යුතු බවත් වදුරන්ට රිලවුන්ට වැරැද්ද බාර නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය..https://youtu.be/xFGXbKbwXic?si=Pq1w0aoNvIQrJjIL

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img