Thursday, July 16, 2026
HomeNEWSUSAID එකෙන් දිලිත් සල්ලි ගත්තාද?Monkey cut එක ගැනත් රොෂාන් කතා කරයි.

USAID එකෙන් දිලිත් සල්ලි ගත්තාද?Monkey cut එක ගැනත් රොෂාන් කතා කරයි.

සර්වජන බලය මාධ්‍ය හමුව* *USAID එකෙන් දිලිත් ජයවීර සල්ලි අරන් නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරනවා යැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි*Monkey cut එක ගැනත් කියයි*01 රොෂාන් රණසිංහ*රජයකට බෑ දිගටම පසුගිය ආණ්ඩුවට චෝදනා කර කර ඉන්නයි බොරු කිය කිය ඉන්නයි බෑ,ඉදිරියේදී විශාල ආයෝජන එනවා කිව්වා,අපි ආයෝජන මණ්ඩලය හරහා ඒක පරීක්ෂා කලා.අලුතෙන් ආපු කර්මාන්ත නම් මුකුත් නෑ.ජනාධිපති කිව්වා වැටිච්ච කර්මාන්ත ගොඩගන්න ක්‍රමවේදයක් හදනව බව.ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒක කිව්වා.ඒ නිසා ඒක කල යුතුයි.අද වෙනකොට බැංකු පද්ධතිය අසීමිත ලාභයක් ලබනවා.ව්‍යාපාර කඩන් වැටිලා.ආර්තිකය ගැන නන්දලාල් වීරසිංහට තේරෙන්නේ නා.පරාටේ නීතියක් තිබෙනවා.බැංකු ලාභ ලබනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා කොන්දේසි වෙනස් කරනවා කියපු ආණ්ඩුව එලෙසම යනවා.මේ ආණ්ඩුව ආවට පස්සේ මෙරටට ආයෝජන ඇවිත් තිබෙන්නේ ඩොලර් මිලියන 125 ක් පමණයි.ඩොලන්ඩ් ට්‍රම්ප් ජනාධිපති උනාම දූෂණ අක්‍රමිකතා සොයන්න පටන් අරන්.USAID එකෙන් විශාල ආධාරයක් මෙරටට දීපු බව කියලා තිබෙනවා.මේ ගැන සොයන්න ඇමරිකානු ජනාධිපති කමිටුවක් පත් කලා නම් දැන් මේ රටේ ජනාධිපතිත් මෙරට මේ ගැන සොයන්න ක්‍රියා කල යුතුයි.පසුගිය ආණ්ඩු පෙරලන්න මේ USAID මුදල් භාවිතා කල බවට කියවෙනවා.ඒ නිසා මේ ගැන කොමිසමක් පත් කරන්න ඕන.ජනතාව මේ ගැන දැනගන්න ඕන.අනුර කුමාර ජනාධිපතිතුමා එලවන්නත් මේ සල්ලි යෙදවෙන්න පුලුවන්.මේ සල්ලි කැරකිලා එන්න පුලුවන්.ඒ නිසා USAID සල්ලි ගැන සොයන්නUSAID එකෙන් හෝ කොහෙන් හරි අපි හෝ පක්ෂය හෝ දිලිත් ජයවීර මහතා සල්ලි අරන් නැති බව අපි කියනවා.අපි මේක ප්‍රතික්ෂේප කරනවා.නමුත් හරිනි මේ ගැන ප්‍රකාශයක් කරලා නෑ.මේ සල්ලි ආවා කියන කාලයේ අපේ ආණ්ඩුව තිබුනා.මමත් අමාත්‍යවරයෙක්.නමුත් කවදාවත් මේ වගේ මුදල් ලැබුනු බවක් තොරතුරු තිබුනේ නෑ.නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය හරහා නම් මෙහෙම ගැටලුවක් වෙලා නෑ*02 හසන් අලාල්දීන් – මාධ්‍ය ලේකම්*අදානි සමාගමට අයත් ආයෝජන සමාගමක් අද කියලා තිබුනා සුලං විදුලි බලාගාර වලින් ඉවත් වෙනවා කියලා.අද වෙනකොට ආයෝජකයෝ රට හැර යනවා.අදානි පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් කරමින් සිටියා.විදේශ ආයෝජන වලට රජයේ සහය අවශ්‍යයි.මේ ආයෝජනයට අද වෙනකම් පරිසර අවසරය ලැබිලා තිබුනේ නෑ.අපේ රට ස්වයංපෝෂිත රටක් නෙවෙයි.ඒ නිසා ආයෝජන වැදගත්.*USAID සල්ලි සම්බන්ධයෙන් ඔහුද අදහස් පල කලා*

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img