Saturday, October 31, 2026
HomeNEWSඅයවැයට පෙර සජිත් විපක්ෂය කැඳවයි.

අයවැයට පෙර සජිත් විපක්ෂය කැඳවයි.

*අයවැයට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරු සුවිශේෂී සාකච්ඡාවක්.*2025 වසරේ අයවැය යෝජනාව ආණ්ඩුව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබියදී ඒ සම්බන්දයෙන් සාකච්ඡා කිරිම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේ දී රැස්විය.මෙම සුවිශේෂී හමුවේ දී අයවැය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන ලදී. එහි දී මෙවර අයවැය තුළින් ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ලබා දුන් පො⁣⁣රොන්දු ඉටු කර ඇත් ද යන්න සම්බන්දයෙන් අවධාණයෙන් පසුවිය යුතු බවත් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන ලෙස ආණ්ඩුය පෙළඹවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.මේ අවස්ථාව සදහා මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, ශානක්‍ය රාසමාණික්‍යම්, ගයන්ත කරුණාතිලක, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, එස්. ශ්‍රීදරන්, ජී. ජී. පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, වී. රාධාක්‍රිෂ්ණන්, පී. සත්‍යලිංගම්, ජෙ.සී අලවතුවල, චාමර සම්පත් දසනායක, රවී කරුණානායක, ඩී. වී චානක, ඉස්මයිල් මොහොමඩ්, කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් එක්විය.https://youtu.be/BPkN5Eg9hkU?si=-iJnoJ4g2qA-z6oe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...

පරපුර දෙකක් නියෝජනය වන සාමාජිකත්වය ප්‍රවර්ධනය කළ පළමු පක්ෂය එජාපයයි- සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය. පිටකෝට්ටේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img