Wednesday, July 15, 2026
HomeNEWSදුප්පත්කම හරිහැටි නිර්වචනය කර ගන්න -සජිත් ආණ්ඩුවට කියයි.

දුප්පත්කම හරිහැටි නිර්වචනය කර ගන්න -සජිත් ආණ්ඩුවට කියයි.

*ආණ්ඩුව සමාජ ආරක්ෂණය ගැන කතා කරන්න පෙර රටේ දුප්පත්කම හරිහැටි නිර්වචනය කර ගන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*සමාජ ආරක්ෂණය ප්‍රජා සවිබල ගැනීම ග්‍රාමීය සංවර්ධනය ධීවර ජලජ හා සාගර සම්පත් ක්ෂේත්‍රය ගැන සාකච්ඡාවට ලක්වන අවස්ථාවේ සමාජ සවිබල ගැන්වීම ගැන නිවැරදි දත්ත හා දර්ශක ගැන අවබෝධයක් නොමැතිව මේ ගැන රජය කතා කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ජනාධිපතිවරයා පවා භාවිත කරන්නේ ලෝක බැංකු වාර්තා භාවිත කිරීම වුවත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය සිදු කර ආහාර හා ආහාර නොවන වියදම් ගණනය කර ඒ හරහා දරිද්‍රතා රේඛාව සකස් කර ගෙන එම දරිද්‍රතා රේඛාව තුළ සහ යට ඉන්නේ කවුද කියා අවබෝධ කර ගෙන සමාජ සවිබල ගැන්වීම සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.*සංඛ්‍යා ලේඛන පවා හරියට දන්නේ නැතිව දුප්පත්කම තුරන් කළ නොහැකි යි*ජනාධිපතිවරයාගේ අයවැය කතාවේ 8 වැනි පිටුවට අනුව දරිද්‍රතා අනුපාතය 25.9%ක් යැයි පවසන බවත් 2024 ප්‍රගති වාර්තාව අනුව 2025 සිට 2029 දක්වා වසර 5ක කාලය තුළ බහුමාන දරිද්‍රතාවට මුහුණ දී ඇති පවුල් මිලියන 2ක් සවිබල ගන්වන බව සදහන් බවත් පවුල් මිලියන 2ක් සවිබල ගැන්විම හොද දෙයක් වුවත් එය රටේ මුළු දුප්පත්කම නොවන බවත් 2023 ලෝක බැංකු වාර්තා අනුව ලක්ෂ 56ක් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් සංඛ්‍යා ලේඛන පවා දන්නේ නැතිව දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*දුප්පත්කම නැති කරන හැටි ජනසවියෙන් සමෘද්ධියෙන් ඉගෙන ගන්න*අස්වැසුම දීමනාව පමණක් ලබා දීමෙන් දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් ඒ සදහා ඉතිරි කිරීම ආයෝජනය නිෂ්පාදනය අපනයනය හා පාරිභෝජනය සිදුවිය යුතු බවත් දැනට මෙහි ඇත්තේ මුදල් ලබා දී පාරිභෝජනය කිරීම පමණක් බවත් ඒ ආකාරයෙන් දුගී දුප්පත්කම තුරන් කළ නොහැකි බවත් රජයට දුගී දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙළක් නොමැති බවත් ජනසවිය සමෘද්ධි වැඩසටහන් හි ලබා ගත හැකි උගත් පාඩම් ලබා ගෙන විධිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*අයවැයේවත් දුප්පත්කම ගැන හරිහැටි දත්ත නැහැ*මෙරට තුළ දුප්පත්කම ගැන දත්ත හෝ හරියාකාර සංඛ්‍යාලේඛන නොමැතිව අස්වැසුම ලබා දී ඇති බවත් මේ නිසා සමහර ලැබිය යුතු අයට අස්වැසුම නොලැබී යාමත් සුදුසුකම් පොහොසත් අයට අස්වැසුම ලැබීමත් සිදුව තිබෙන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැය කතාව ක්‍රියාත්මක කළේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ දත්ත නොදැන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ලර්න් ඒෂීයා සංගණනය අනුව මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා තුනෙන් එකක් දුප්පතුන් ලක්ෂ 40කින් වැඩිව ඇති බවත් මෙවැනි පරස්පර දත්ත එක්ක අයවැයක් නිර්මාණය කළ නොහැකි බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවා මේවා නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*දළ දේශීය නිෂ්පාදනය ප්‍රාලේ මට්ටමින් ගණනය කරන්න*මෙරට පළාත් මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගැන හරිහැටි නොදන්නා බවත් බස්නාහිර පළාත විශාල දායකත්වයක් ලබා දුන්නත් සෙසු පළාත් ලබා දෙන්නේ සීමාසහිත දායකත්වයක් බවත් එබැවින් පළාතට සීමා නොවී ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගැන සෙවිය යුතු බවත් හැකියාවක් ඇත්නම් ග්‍රාම නිලධාරී මට්ටමින් ද මෙම ගණනය කිරීම් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*කෝ උපාධිධාරීන්ට දෙනවා කියූ රැකියා*අද වන විට උපාධිධාරීන් 40000කට රැකියා ලබා දෙනවා කියා පොරොන්දු වී අද රැකියා ලබා නොදීම නිසා ඒ 40000 ද දුප්පත්කමේ ගොඩට වැටෙන බවත් ඒ අය ඊයේ පොල්දූව හන්දියේ විරෝධතා පවා පැවැත්වූ බවත් මේ උපාධිධාරීන්ට රැකියා ලබා දෙන්නේ කවදාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා විසදුම් අවශ්‍ය බවත් සමගි ජන බලවේගය රජයේ සිටියා නම් මොවුන්ට ද විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*කෝ එදා දෙනවා කියූ ඉන්ධන සහනාධාරය?*ධීවර ප්‍රජාවට දෙනවා කියූ ඉන්ධන සහනාධාර කෝ කියා ප්‍රශ්න කරන බවත් බදු පිට බදු ගසා ඒ බදු මහා භාණ්ඩාගාරය ගන්නවා කොමිස් ගන්නවා ඒවා ඉවත් කළ පසු ඉන්දන මිල අඩු කිරීමක් කරා යා හැකි බවට පැවසූ බවත් එහෙත් අද ඒ සියල්ල කඩවුණු පොරොන්දු වී ඇති බවත් ඉන්ධන සහනාධාරය ලබා දෙන විට එවා ලැබිය යුතු කොට්ඨාසයන්ට ලබා දිය යුතු බවත් ඉන්දන සහනාධාර දෙන ලෙස ආණ්ඩුවේ මන්ත්‍රීවරු විපක්ෂයේ සිටින විට උද්ඝෝෂණය කළ නමුත් අද ඒ සහනාධාර නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*අද ගොවි විශ්‍රාම වැටුපත් අඩාලයි*ගොවි මෙන්ම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමයත් අද අඩාල වී ඇති බවත් අලුත් රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙනවා කිව්වත් එය සිදු නොවූ බවත් එම නිසා නිවැරදි වැඩපිළිවෙලක් ඇති කරන්නේ නම් විපක්ෂය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*නීල ආර්ථිකය තිරසරව ගොඩනගන්න*වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් රටට අයිති බවත් ජාත්‍යන්තර නීතිය හරහා එය ලැබී ඇති බවත් එම නිසා නීල ආර්ථිකය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එහි දී තිරසර සංවර්ධනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවසාන වශයෙන් පැවසීය.https://youtu.be/c29tZ2nL5_E?si=f0jlGXdrsfFZxvmi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img