Wednesday, July 15, 2026
HomeNEWSයලි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන්රනිල්ට ආරාධනාවක්.

යලි පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන්රනිල්ට ආරාධනාවක්.

VIII වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී අද දහවල් පැවැත්විණි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය සංජීව තෙන්නකෝන්, ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ඇතුළු එම සංගමයේ විධායක සභාවේ පිරිසක් මෙම හමුවට සහභාගී වූ අතර රජයේ වෛද්‍යවරුන් හට වර්තමානයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.මෙම හමුවට හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, VIII වන විධායක ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක එස්. සමරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.අමතර රාජකාරී දීමනාව ලෙස පැයකට ගෙවනු ලැබූ 1/80 අගය වෛද්‍යවරුන්ට සුවිශේෂණ සේවාව ආවේණික අගයක් බැවින් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ පරිදි මූලික වැටුප සංශෝධනය සමග එම 1/80 අගය නොවෙනස්ව පවත්වා ගැනීම, නිවාඩු දින, ඉරිදා දිනවල සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන මෙතෙක් පැවති 1/20 අගය අනුව පවත්වාගෙන යාම,2025 අයවැය ලේඛනයේ ධනාත්මක කරුණක් වන රාජ්‍ය සේවයේ මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණය එළෙසම ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය වෘත්තිය සහ වෛද්‍ය සේවාව වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබාදී ඇති යෝජනා සහ වැඩසටහන් ක්‍රියාවලිය සළකා බැලීම වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නේ, 2022, 2023 සහ 2024 කාල වකවානුව තුළ සමස්ත රාජ්‍ය සේවකයන්ට හානියක් නොවන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡාවලදී ගත් තීන්දු තීරණවල වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ලබා දෙන ලෙසය. ඒ අනුව ආචාර්ය සමරතුංග මහතා දින දෙකක් තුළදී එම සියලු තොරතුරු ලබා දෙන බවත් ප්‍රකාශ කරන ලදී. සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් “ඔබතුමා වැනි පලපුරුදු නායකයෙක් මේ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කළොත් හොඳයි” යනුවෙන් පැවසීය.”නෑ.. මම දැන් බලාගෙන ඉන්නවා මේ මොනවද වෙන්නේ කියලා, නමුත් ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් මා ලබා දෙන්නම්” යැයි රනිල් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලෙස පැවසීය.එම අවස්ථාවේ දී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ” අපි රට වෙනුවෙන් එතුමාගෙන් වැඩගමු” යැයි වෛද්‍ය නිලධාරීන් අමතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img