2025 පළාත් පාලන මැතිවරණය සඳහා බස්නාහිර පළාතේ පළාත් පාලන නියෝජිතයින් තෝරා ගැනීමේ සම්මුඛ සාකච්ඡාව අතිවිශාල අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් නෙලුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. එහිදි ජාතික සංවිධායක නාමල් රාපක්ෂ මැතිතුමා මාධ්‍යයට අදහස් දක්වමින්, “ඉදිරියේදී ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙනවා. අද සිට ඊලග දින කිහිපය ඇතුලත අපි ලංකාව පුරාම අපේ අපේක්ෂකත්වය බලාපොරොත්තු වන පිරිස මුණගැහිලා ඒ පිරිසත් සමඟ සාකච්ඡා කරලා ඉදිරියේදී ප්‍රාදේශීය සභා මැතිවරණයට අවශ්‍ය කණ්ඩායම් සකස් කිරීම තමයි සිදුවෙන්නේ. අද විශේෂයෙන්ම නෙලුම් මාවත පක්ෂ කාර්යාලයේ බස්නාහිර පළාතේ අපේක්ෂක, අපේක්ෂිකාවන් අයදුම්පත් ඉදිරිපත් කරපු පිරිස් පැමිණ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ නාමයෝජනා කමිටු සමඟ සාකච්ඡා කරනවා.අපි පක්ෂයක් විදිහට අපි හැමදාමත් එකම ප්රතිපත්තියක සිටියා. අද රටේ ජනතාව තේරුම් අරගනිමින් සිටිනවා අපි ප්‍රතිපත්ති ගරුක දේශපාලන කණ්ඩායමක් මිසක් අවස්ථාවාදීව දේශපාලනය කරන පිරිසක් නොවේ. ඒ වගේම මේ රටට ගැලපෙන දේශපාලන ප්‍රතිපත්ති තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟයි. ඒ වගේම අපි මේ රටේ ජනතාවගේ ජිවන තත්වය උසස් කරන්න තීන්දු තීරණ ගත්ත දේශපාලන බලවේගයක්. ගමින් ගමට යන විට නැවතවතාවක් අපේ පක්ෂයත් එක්ක දැවැන්ත පිරිසක් ඒකරාශිවෙමින් පවතිනවා.ඒ වගේම අද ආණ්ඩුව උත්සහ කරන්නේ මේ රටේ දේශපාලන අධිකාරිය සහ ජනතාව බය කරමින් තමන්ගේ බලය පතුරවීමේ ව්‍යාපාරයක නියලෙන්න. ඒ නිසා වෘත්තියවේදීන් සහ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා නොකර තමන්ට අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගන්නේ. ආණ්ඩුව තමන්ට අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවත් බුද්ධි අංශ දුර්වල කරලා දේශපාලනික පත්වීම් දිලා ඔවුන්ට අවශ්‍ය දේශපාලනීකරණය කරන්න පොලිස් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු නිසා තමයි ඒ ආණ්ඩුවට ඒ ඉරණම අත්වුණේ. අද එදා යහපාලන ආණ්ඩුවේ System එක කඩාගෙන වැටෙන කොට හිටපු පිරිස දේශපාලන වේදිකාවටත් නග්ගලා, මේ ආණ්ඩුවෙත් පොලිසියේ සහ අමාත්‍යාංශවල ලොකු තනතුරු දිලා අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුව උත්සහ කරන්නේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන්ට අවනත කරගනිමින් දේශපාලනීකරණය කරලා ඔවුන්ගේ අනසකට යටත් කරගන්න. එසේ නැතිනම් ඒ සියල්ලටම ඉහළින් ඔවුන්ට අවශ්‍ය දේශපාලනික පත්වීමක් දිලා නිලධාරියෙක් පත්කරගන්න. මේ කාරණා නිසා තමයි මේ ආණ්ඩුව අද යම්කිසි පසුබෑමකට ලක්වෙලා තිබෙන්නේ.අපි ඇවිල්ලා දේශාපාලන පක්ෂයක්. අපි මේ රටේ වැඩකරන ජනතාව සමඟ මේ මහා පොලොවේ පය ගහලා ජිවත්වෙන ජනතාව සමඟ දේශපාලනය කරන දේශපාලන බලවේගයක්. ඒ නිසා අපි හැමදාම දේශපාලනය කරන්නේ ජනතාව සමගයි. අපි යම් පසුබෑමකට ලක්වුණා පහුගියකාලයේ. නමුත් අපි පක්ෂයක් විදිහට නැගිටිනවා. ඒ අනුව අපේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද එක කොට්ඨාශයට එක්කෙනෙකු වෙනුවට අද හතර පස් දෙනෙක් නාමයෝජනා ඉල්ලන තැනට පත්වෙලා තිබෙනවා. අපි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්නේ. අපි අපේ ප්‍රතිපත්ති දේශපාලන බලය ලබාගන්න පාවලා දිලා නැහැ. අද ජනතා විමුක්ති පෙරමුණ NPP කියලා හැදුනා. මහා දැවැන්ත ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා බලයට පැමිණියා. තමන්ගේ ප්‍රතිපත්ති මාලාවට පයින් ගහලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිය අරගෙන යනවා. අපි හැමදාම එක ප්රතිපත්තියක සිටියා. ඒ නිසා අපි ඉදිරියටත් මේ රටට ඔබින , සංස්කෘතිය ආරක්ෂා කරන, මේ මහා පොලොවේ යථාර්තය අවබෝධ කරගත්ත දේශපාලන ප්‍රතිපත්තියක් සමඟ අපි ඉදිරියට යනවා. ඒ නිසා තමයි අපේ පක්ෂයත් සමඟ මොන අභියෝග පැමිණියත් අපි පසුබෑම්වලට මුහුණ දුන්නත් නැවතවතාවක් අපිට කොන්ද කෙලින් තබාගෙන නැගිටින්න පුළුවන්වෙලා තිබෙන්නේ, අපි ප්රතිපත්තියත් සමඟ සිටිය නිසා.අපිව බලයට ගෙනාවෙත් මේ රටේ ජනතාව. අපි පැරැද්දුවෙත් මේ රටේ ජනතාව. ඒ නිසා අපේ ඒ ගණුදෙනුව මේ රටේ ජනතාව සමඟ තිබෙන්නේ. අපි තව තවත් පසුබහින්න බහින්න අපි ජනතාවට ලංවෙනවා. ඉදිරි කාලසීමාව තුළත් අපි ජනතාව සමඟ ලංවෙලා, ජනතාවට ඇහුම්කන්දිලා අපේ පක්ෂයේ ගොඩනැගීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.අද ආණ්ඩුව එක පැත්තකින් උත්සහ කරනවා IMF එක ප්රමුඛ බටහිර ක්‍රමවේදයට අනුකූලව අනුගත වෙන්න. තවත් පැත්තකින් ආණ්ඩුව උත්සහ කරනවා පාරම්පරික ජෙවිපි සාමාජිකයාව සතුටු කරන්න. මේ දෙක අතරමැදිව ආණ්ඩුව හිරවෙලා සිටිනවා. තවත් පැත්තකින් මේ රටේ ජනතාවටත්, වෘත්තියවේදීන්ටවත්, තමන්ට ඡන්දය දීපු පිරිසටත් ඇහුම්කන් දෙන්නැති තැනට ආණ්ඩුව වැටිලා තිබෙනවා. ආණ්ඩුව තමන්ගේ අත්තනෝමතික පාලනයක් ගෙනියන්නේ. ” එහිදි සහභාගීවූ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා,“අද බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. බේරගන්න බැරි තත්වයක් තිබෙන්නේ. ඒ තරම් විශාල ඉල්ලුමක් තිබෙනවා. අපි හිතපු නැති තරම් විශාල ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් ලැබිලා විශාල ජනකායක් පැමිණ සිටිනවා. ජනතාව හැමදාම බොරුවට රැවටෙන්න සූදානම් නැහැ කියන කාරණය අද හොඳින් පෙනි ගිහින් තිබෙනවා.අපි සම්පූර්ණයෙන්ම මෙතෙක් කල් අවංකව සමාජ සේවය කරපු, ජනතා සේවය කරපු ඒ වගේම කිසිම චෝදනාවක් නැති පිරිසක් තමයි මේ සැරේ අපි පළාත් පාලන ඡන්දවලට ඉදිරිපත් කරන්නේ. ඉදිරි කාලයේදී ඉතා සාර්ථක ඡන්ද ව්‍යාපාරයක් කරලා ජයග්‍රහණය කරා යන්න පුළුවන් පෙරමඟ සලකුණු අද අපිට දිස්වෙනවා.සමහර පිරිස් පහුගිය කාලයේ අතහැරලා ගිහිල්ලා නැහැ. ඔවුන් දැන් අපිට පෙනියන විදිහට නම් වෙනත් බලපෑම් උඩ වෙනස් වී තිබෙනවා. ප්‍රාදේශීය සභා, නගර සභා මට්ටම්වලින් සම්පූර්ණයෙන්ම අපිත් සමඟ එකතුවෙමින් සිටිනවා.අපි දැනට සිටින මතය තමයි පොහොට්ටුව ලකුණෙන් මුළු ලංකාවේම තරඟ කරන එක. සමහරවිට උතුරු නැගෙනහිර අපේ සහෝදර පක්ෂ සමඟ දැනට සාකච්ඡාවක් යනවා. යම්කිසි පොඩි වෙනස්කමක් වෙන්න පුළුවන්. නමුත් සමස්ථයක් හැටියට ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණින් ඡන්දය ඉල්ලන්නවා. ”යනුවෙන් මෙහිදි සඳහන් කළෝ






















