Wednesday, July 15, 2026
HomeNEWSපුංචි ඡන්දය ජයග්‍රහණය කළ හැකි ක්‍රම තුනක් වජිර පෙන්වා දෙයි.

පුංචි ඡන්දය ජයග්‍රහණය කළ හැකි ක්‍රම තුනක් වජිර පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා (09) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හමුවක් අතරතුර මාධ්‍යයට පළ කල අදහස් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින සියලු අපෙක්ෂකයින්ගේ හමුවක් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (09) දවස පුරා ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්වුණා.ආසන මට්ටිමන් සංවිධානය කර තිබු මෙම රැස්වීම් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සියලු අපෙක්ෂකයින් සහභාගී වී සිටියහ.මෙම රැස්වීම් අතරවාරයේ එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය පහතින් දැක්වේ.අද දිනය පුරා ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලටම එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීම සඳහා විශාල අපේක්ෂකයින් පිරිසක් සහභාගී වෙමින් ඉන්නවා. එසේ පැමිණියත් එළඹෙන 17 වනදා වනතෙක් අවස්ථාව තිබෙනවා එකමුතුව තරඟ කරන්න. ඒ සඳහා කිසිඳු බාධාවක් නැහැ. කොහොම නමුත් අපිට ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට නම් ක්‍රම තුනක් පමණයි තිබෙන්නේ. එක තමයි අපි සියලුදෙනාම සමගියෙන් තරඟ කිරිම. දෙක තමයි සියලුදෙනාම අලියා ලකුණ යටතේ තරඟ කිරීම. තුන්වෙනි ක්‍රමය තමයි, සියලු ලකුණු අමතක කොට පොදු ලකුණකින් මෙවර මැතිවරණය සඳහා තරඟ කර ජයග්‍රහණය කිරීම. කොහොම නමුත් ඔබ මේ ඉහත කුමන ආකාරයකට සම්බන්ධ වී මැතිවරණයට ඉදිරිපත් වුවත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් ඔබ නියෝජනය කළ දේශපාලන පක්ෂය සමග කටයුතු කරන්න කිසිඳු බාධාවක් නැහැ. ඒ ඒ දේශපාලන මත දරණ පක්ෂවල අයටද තම දේශපාලන පක්ෂය සමග ක්‍රියා කිරීමට අපහසුතාවක් නොවන අතර එකමුතුව තරඟ කිරීමෙන් සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇත. මේ අවස්ථාව වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීම සඳහා අපේකෂකයින් විශාල පිරිසක් ඉදිරිපත් වෙමින් ඉන්නවා. ඒ අයගේ ලැයිස්තු අපි මේ වනවිට සකස් කරමින් සිටිනවා. අවසානයේ අපි බලාපොරොත්තුවෙනවා එකඟතාවයකින් හෝ එකඟතාවයකින් තොරව හෝ එක්සත් ජාතික පක්ෂය නැමැති ප්‍රධාන දේශපාලන පක්ෂය යටතේ හෝ 17, 18, 19, 20 යන දිනවලදී නාම යෝජනා පත්‍ර බාරදී අවසන් කරන්න. ඒ අනුව එළැඹන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම සූදානම් කියලා මා මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.ඒ වගේම රනිල් වික්‍රමසිංහ VIII වන විධායක ජනාධිපතිතුමා අල්ජසිරා නාලිකාව සමග පැවැති සාකච්ඡාව ගැනත් මේ දින වල විවිධ අදහස් පළවෙනවා මම දැක්කා. කොහොම නමුත් මගේ අදහස නම් එතුමා එම සාකච්ඡාවට ඉතාම සාර්ථකව මුහුණදුන්නා. විශේෂයෙන්ම ජාත්‍යන්තරය බොහෝ වෙලාවට ශ්‍රී ලංකාව හසුරුවන්න උත්සාහ ගන්න බව අපි දන්නවා. මේක අදක ඊයෙක පටන් ගත්ත දෙයක් නෙමෙයි. සියලුදෙනා සතුටු විය යුතුයි රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා ශ්‍රී ලාංකික අනන්‍යතාවය යටතේ ජාත්‍යන්තරයට යටත් නොවී ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සම්බන්ධයෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් මේ රටේ ත්‍රස්තවාදී ව්‍යාපාර, එහෙම නැතිනම් ලෝකයේ එවැනි සංවිධාන වෙනුවෙන් උදව් උපකාර කරන සංවිධාන ඒකරාශී වෙලා ශ්‍රී ලංකාවේ පොදු සතුරෙක් ඉන්න විදිහට දකිනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා. ඒ අය දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලංකාව පාලනය කරනවා නම් ශ්‍රී ලංකාව සුරක්ෂිතයි කියලා. රටේ අවාසනාවකට ශ්‍රී ලංකාවේ පුරවැසියන් එය තේරුම් ගන්නේ නැහැ. අවාසනාවකට ශ්‍රී ලංකාවේ පුරවැසියන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව දෙවැනි තැනට දැමීම සඳහා උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාව ලෝකයේ පළවැනි තැන තබාගන්න කටයුතු කර තිබෙනවා. කොහොම වුණත් මම මේක අවස්ථාවක් කරගන්නවා අපේ රටේ මහජනතාවට නුවණ පහළ වේවා යැයි ප්‍රාර්ථනා කරන්නවා.මෙම අවස්ථාවේදී මාද්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.ප්‍රශ්නය -සභාපතිතුමා ලබන සතිය අවසානයේ ලංකාවේ සත්ව සංගණනයක් පැවැත්වෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?පිළිතුර -ඒ ගැන මට ඉතින් මුකුත් කියන්න බැහැ. අපේ වත්තෙත් වඳුරු ගොඩක් ඉන්නවා. අපේ වත්තේ ඉන්න වඳුරෝ අනෙක් වත්තට පනින්න පුලුවන්. ඒ නිසා අනෙක් පැත්තේ කට්ටියට කියලා තිබුණොත් හොඳයි ඒ පැත්තට පැන්නම ගණන් කරන්න එපා කියලා. ප්‍රශ්නය -ඒ වගේම අපි දකිනවා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂය විසින් විවිධ ලැයිස්තු ඉදිරිපත් කරමින් පහුගිය ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරුන්ට චෝදනා නගනවා. මේ ගැන ඔබතුමා දකින්නේ කොහොමද?පිළිතුර -ඒ ගැන කිසි කෙනෙක් කලබල විය යුතු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ඕනෑම ක්‍රියාදාමයක් සිදුවුණාම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා. උදාහරණයක් හැටියට ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ සිදු වූ සෑම විනාශයකදීම ඒ විනාශය සඳහා වන්දි ගෙවීම් සිදුකරනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අවශ්‍යතාවයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය පාලනය කිරීම සඳහා යම් ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩ කරාම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එවැනි වැඩවලට වන්දි ගෙවීම තුළින් නැවත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ අපේක්ෂකයින් වෙත එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යොමුකළ ලිපිය මෙයත් සමග අමුණා ඇත. එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img