Wednesday, July 15, 2026
HomeNEWSකාන්තා හිංසනයට එරෙහිව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් උද්ඝෝෂණයක.

කාන්තා හිංසනයට එරෙහිව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් උද්ඝෝෂණයක.

කාන්තා හිංසනයට එරෙහිව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයත් උද්ඝෝෂණයක …නිවසේ, කාර්යාලයේ මෙන්ම මහමග හා පොදු ප්‍රවාහන සේවාවන් වලදී කාන්තාව හිංසනයට ලක්වන බවත්. ඒ සම්බන්ධයෙන් හඩක් නැගීමට නූතන කාන්තාව ශක්තිමත් වියයුතු බවත් පවසමින්, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවක සේවිකවෝ විසින්, සමගාමීව උද්ඝෝශණයක නිරත විය.අද (10) දින, සිය දිවා ආහාර වේලාව තුළ සටන් පාඨ ප්‍රදර්ශනය කරමින්, නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ මහත්මිය ඇතුළු ආයතනයේ සේවක පිරිස් විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙසේ කාන්තා හිංසනයට විරෝධය පළකිරීමට එක්වූහ.නූතන සමාජය තුළ කාන්තාවට අත්විඳීමට සිදුවන නොයෙක් හිංසනයන් ඉදිරියේ, බොහෝ කාන්තාවන් ලැජ්ජාව හෝ බිය හේතුවෙන් නිහඩව සිටින බවත්, ඒ හේතුවෙන් මෙම හිංසන තත්ත්වයන් වර්ධනය වන බැවින්, විශේෂයෙන් කාන්තාවන් තමන්ට හෝ වෙනත් කාන්තාවකට සිදුවන හිංසන ඉදිරියේ නිහඩ බව බිඳිමින් විරෝධය දැක්වීමට ශක්තිමත් වියයුතු බවත් මෙම උද්ඝෝශණයට සහභාගී වූ අය අදහස් දැක්වූහ.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img