Thursday, September 17, 2026
HomeNEWSශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්‍රස්ථානයක්බවට පත් කිරීමට නව රජය සැරසේ.

ශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්‍රස්ථානයක්බවට පත් කිරීමට නව රජය සැරසේ.

ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින්ශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්‍රස්ථානයක්බවට පත් කිරීමට නව රජය සැරසේ.අතීතයේ සිට ලෝකයේ අවධානය දිනා ගත්ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට නව රජය අතගසයි.ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ඇති ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා පෙර පැවැති රජයන් උනන්දුවක් දැක්වූයේ නැත. මේ නිසා මෙම වරායේ සංවර්ධන කටයුතු දිනෙන් දිනම කල්ගත වුනි. නව රජයේ දැක්මට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ පිළිබඳව වැදගත් සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා හාසිරියාවේ ගෞරවනීය , ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි සමග සිදුවුණි. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝව එහිදී සාකච්ඡා සිදුවූ අතර අනාගත සංවර්ධනය සඳහා තමන් ද එක්වීමට සූදානම් බවද එතුමා එහිදී ප්‍රකාශ කළේය.මෙහිදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡා සිදුවූ අතර, මෙම ක්ෂේත්‍රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කරන ලදී.නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් ය.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img