වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශනය කරන ත්රිපුද්ගල කමිටුව අද (28) යළි රැස්වීමට නියමිතව තිබේ.එම කමිටුව පාර්ලිමේන්තුව සංකීර්ණයේදී අද පස්වරු 2ට රැස්වනු ඇත.ඒ අනුව මෙම කමිටුව හමුවේ පෙනීසිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වනවිට දැනුම්දී ඇති අතර මීට පෙරද ඔහු එම කමිටුව හමුවේ පෙනී සිටියේය.






















