Friday, May 1, 2026
HomeNEWSපළමු වතාවට ආණ්ඩුව වැටී ඇති බව හිටපු ජනපති රනිල් පෙන්වා දෙයි.

පළමු වතාවට ආණ්ඩුව වැටී ඇති බව හිටපු ජනපති රනිල් පෙන්වා දෙයි.

පළාත් පාලන ආයතන වලට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සභිකයන් ප්‍රතිඥාව ලබාදීමේ උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(29)පැවැත් වූ කතාව.ඔබ දිවුරුම් දී පළාත් පාලන ආයතන වල වැඩ බාර ගත යුතුව තිබෙනවා.ඔබ සියලු දෙනාටම අප විශේෂ පුහුණුවක් ලබා දෙනවා.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමටත් පක්ෂ සංවිධාන කටයුතු ගැනත් පුහුණුවක් ලබා දේවි.මේ ඡන්දය පැවැත්වුණේ පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණයෙන් පසුවයි.එය විශේෂ ඡන්දයක්.සාමාන්‍යයෙන් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එවැනි ඡන්දයක් පැවැත්වූ විට වැඩිම ඡන්ද ලැබෙන්නේ බලය තිබෙන ආණ්ඩු පක්ෂයටයි.නමුත් මෙහිදී ඊට වඩා දෙයක් වුණා. මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් යළිත් වරමක් ඉල්ලුවා.ඔවුන්ට කලින් දුන් වරම තහවුරු කරන්නැයි කිව්වා.නමුත් සිදු වුණේ කුමක්ද?පාර්ලිමේන්තු ඡන්දයේ දී ලැබුණු ලක්ෂ 68 ක ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45ක් දක්වා අඩු වුණා.ඒ කියන්නේ ලක්ෂ විසිතුනක පිරිසක් ආණ්ඩුවට අදාළ සහතිකය ලබා දුන්නේ නැහැ.ඒ කියන්නේ පළමු වතාවට ආණ්ඩුව වැටුණා.සාමාන්‍යයෙන් වරම ඉල්ලුවා නම් වරම ලැබෙන්න ඕන.වරම ලැබෙන්නේ නැතිනම් ඒක විශාල පසුබැසීමක්.ඒ කියන්නේ මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.අනෙක් පක්ෂ වලට සිදුවුණේ කුමක්ද?අප පාර්ලිමේන්තු ඡන්දය තරඟ කළේ පොදු පෙරමුණ සමග එකට එකතු වෙලා.ඒ අනුව අපට ඡන්ද පන්ලක්ෂ හැට හත් දාහක් ලැබුණා.මේ සැරේ පොදු පෙරමුණ වෙනම ගියා. අප අලියා ලකුණෙන් ආවා.සී.ඩබ්ලිව්.සී කුකුලා ලකුණෙන් ආවා. මේ සියල්ල එකතු කළ විට අපට ඡන්ද නවලක්ෂ හතලිස් හත් දහස් එකසිය පනස් අටක් ලැබී තිබෙනවා.එසේ නම් අප කණ්ඩායමට අලුතින් ඡන්ද තුන් ලක්ෂ අසූ දහසක් වැඩි වෙලා තිබෙනවා.ඡන්ද වැඩිකර ගත්තා යැයි එක අතකට අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්. අනෙක් අතින් ඒ ප්‍රමාණය ලක්ෂ දෙකකට සීමා වූ නිසා අපට සෑහීමකට පත්වෙන්න බෑ.ඊට වඩා වැඩි වෙන්න තිබුණා.හොට්ටුවට මහ ඡන්දෙදි ලැබුණේ තුන් ලක්ෂ පනස්දහසයි.මේ ඡන්දෙදි නව ලක්ෂ පනස් හතරදාහක් ලැබුණා. ඒ අයට ඡන්ද ලක්ෂ හයකින් වැඩි වුණා.එමෙන්ම සජබෙට පාර්ලිමේන්තු ඡන්දෙ දී විසි දෙලක්ෂයක් ලැබුණා.මේ ඡන්දෙදි දහනව ලක්ෂයක් ලැබුණා. අද තිබෙන තත්ත්වය මේක තමයි.ඒ සභා පුළුවන් තැන්වල එකට එකතු වී බලය පිහිටුවීමට පක්ෂ සියල්ල කතා කරමින් සිටිනවා.අනිත් තැන්වල විපක්ෂය ලෙස ක්‍රියා කරනවා.ඒක ඒ අය කරගෙන යාවි අපෙත් මහලේකම්තුමිය, සභාපතිතුමා ජාතික සංවිධායකතුමා මෙන්ම උප සභාපතිතුමා මේ ගැන ඒ අය සමග කතා කරගෙන යනවා.පුළුවන් තැන්වල ඒකට එකතු වී අප ඒ වැඩකටයුතු කරනවා.මෙතන බැලූ විට අලුත් මූණු ගොඩක් ඉන්නවා.සජබෙ, පොදු පෙරමුණේ, පොහොට්ටුවේ ගිහින් බැලුවොත් ඔවුන්ගෙත් අලුත් මුහුණු ගණනාවක් ඉන්නවා.මාලිමාවෙත් අලුත් මුහුණු ගණනාවක් ඉන්නවා.මේ සැරේ දාලා තියෙන්නේ අලුත් මුහුණු. ගිය පාර්ලිමේන්තු ඡන්දෙදි සම්ප්‍රදායික අය ප්‍රතික්ෂේප කළා.පළපුරුදු අය ප්‍රතික්ෂේප කළා. එල්බෝඩ් ඉදිරියට එව්වා.තාම ලයිෂන් අරගෙන නැහැ. ඒ සඳහා අලුත් මුහුණු අවශ්‍ය වුණා. හැම තැනම එය සිදුවෙනවා. අලුත් මුහුණු පමණක් නොව අලුත් ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක කළ යුතුයි.අප පක්ෂයේ ගොඩ නගද්දී සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ අදාළ වැඩ කටයුතු කළ යුතුයි.ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද වැඩිකර ගත්තේ මම නොවේ.මා එය කොමිටියකට බාර දුන්නා.ඔවුන් විසින් එය කරනු ලැබුවා.පක්ෂයේ නියෝජ්‍ය නායක, මහ ලේකම්, සභාපති, ජාතික සංවිධායක, උපසභාපති ,උපනායක,මෙන්ම හරීන් ප්‍රනාන්දු, රාජිත සේනාරත්න,මනුෂ නානායක්කාර,වැනි අය කැපවී කටයුතු කළා.ඔවුන් බෙදාගෙන ඒ කටයුතු කර මේ ප්‍රතිඵලය ගත්තා.මට අවශ්‍ය වුණේ ඒ වගකීම වෙන අයට බාර දීමටයි.දැන් ඒ ප්‍රතිඵල උඩ අප අලුත් පක්ෂයක් සැදිය යුතුයි.ඒක කරන්නෙත් මම නොවේ.මම මේ කොමිටියට එය බාර දෙනවා.එය කළ හැකිද නැද්ද කියා බලන්න අප කාල සීමාවක් දිය යුතුයි.එතකොට වැඩි වැඩියෙන් අලුත් මූනුත් දාන්න වෙනවා.මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. පනස් හයේදී අප එහෙම අලුත් පක්ෂයක් හැදුවා.හැත්ත හතේදී අප එහෙම හැදුවා.නැවත 2001 ඡන්දෙට අප අලුත් වුණා.ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.මේ රට අසීරු අවස්ථාවේ ගොඩ ගත්තේ අපි.අනෙක් පක්ෂ සමග එකතු වී අප එය කළා.ඒ දර්ශනය අනුව ඉදිරියට යා යුතුයි.පක්ෂ ගොඩනැගීමේදී අපේ මූලික ඒකකය වන්නේ ප්‍රාදේශීය සභා නගර සභා ඡන්ද කොට්ඨාසයි.නීතිඥයින්, වෘත්තිකයන්, රජයේ සේවකයන් පත් වී ඉන්නවා. ප්‍රතිශතය අනුව සභිකයන් පත් කරන්න අප තීරණය කළා.ඔක්කොම ඉදිරිපත් කරන්නේ කොට්ඨාසයක් දිනන්න.වැඩිම කොට්ඨාස දිනන්න බැරි වුණා නම් අප ප්‍රමුඛත්වය දෙන්න ඕන වැඩිම ප්‍රතිශතය ගත්ත අයටයි.ප්‍රතිශතය අඩු වුණානම් ආපහු දිනන්න බෑ.ප්‍රතිශතය අඩු නොතේරුණු අයත් සංවිධාන කටයුතු වලට ගන්න අප තීරණය කර තිබෙනවා.ඒ වගේම ඡන්ද වැඩි වුන අයත් ඉන්නවා.සමහර පරණ අයට මීට ඇතුළු වෙන්න බැරි වුණා.පක්ෂය අලුතින් ගොඩ නගද්දී ඒ පරණ අයගේ උපදෙස් අප ලබා ගත යුතුයි.අවුරුදු 18 ළමයට රටේ යුද්ධය මතක නෑ.ඔවුන්ට මතක පාස්කු ඉරිදා බෝම්බය විතරයි.අපි ඡන්දෙ කරන කොට තිබුණේ ශාඛා සමිති.ඒ ප්‍රදේශ වල ටෙලිෆෝන්වත් නෑ.දැන් අප අලුත් සමාජයකට ගමන් කරමින් ඉන්නවා.අප නැවත වැඩිම ඡන්ද ගන්න පුළුවන් ලෙස ගොඩනැගිය යුතුයි.අප විනයක් ඇතිව අනෙක් පක්ෂවල අයත් මෙතැනට එකතු කරගෙන අලුත් පක්ෂයක් ගොඩනගමු.මා ඒ වගකීම අදාල කොමිටියට බාර දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img