Friday, May 1, 2026
HomeNEWSමෙරට ප්‍රථම තරු 7 හෝටලය මගින් වෘත්තිකයින් 500ක් ව්‍යවසායකයින් බවට පත්කර තිබෙන...

මෙරට ප්‍රථම තරු 7 හෝටලය මගින් වෘත්තිකයින් 500ක් ව්‍යවසායකයින් බවට පත්කර තිබෙන බව අවියානා සභාපති කියයි.

මෙරට ප්‍රථම තරු 7 හෝටලය මගින් වෘත්තිකයින් 500ක් ව්‍යවසායකයින් බවට පත්කර තිබෙන බව අවියානා සභාපති කියයි. අවියානා මෙරට ප්‍රථම තරු 7 හෝටලය හරහා ශ්‍රී ලංකාවේ වෘත්තිකයින් පන්සියයක් පමණ මේ වන විට ව්‍යවසායකයින් බවට පත්කිරීමට හැකි වී තිබෙන බව අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරයි. විවිධ ක්ෂේත්‍රවල සිටින මෙම වෘත්තිකයින් අවියනා හෝටලයේ ආයෝජනය කිරීම තුළින් ඔවුන්ට මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ සාඩම්බර කොටස්කරුවන් වීමේ දුර්ලභ අවස්ථාව හිමිවී තිබෙන බවද ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් පෙන්වා දෙන ලදි. ශ්‍රී ලංකාවේ අති රමණීය ප්‍රදේශයක් වන මහනුවර, තෙල්දෙණිය, උඩිස්පත්තුව ප්‍රදේශයේ මෙම අවියානා හෝටලයේ අවසන් අදියරේ කටයුතු මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා. ස්වාභාවික පරිසරයේ චමත්කාරය අපූරු ආකාරයෙන් අත්විඳින අතරතුර පැමිණෙන විදෙස් සංචාරකයින්ට උපරිම ආකාරයට ඔවුන්ට රිසිසේ සුපිරි පහසුකම් ලබාදීමට අපගේ හෝටලය මේ වනවිට සූදානම් කරමින් පවතිනවා.ලෝකයේ සුපිරිසිදුම ජලය ලෝකයේ සුපිරිසිදුම වාතය සමඟ පරිසරයේ චමත්කාරය විඳගනිමින් ක්‍රියාකාරකම් රැසක් සිදු කිරීමේ හැකියාව අවියානා වෙත එන සංචාරකයින්ට හිමිවෙනවා. අවියානා මෙරට ප්‍රථම තරු 7 හෝටලයේ ආයෝජනය කිරීම කෙනෙකු ට තමන්ගේ ජීවිතේ සිදුකරනු ලබන හොඳම ආයෝජනය වනවා. වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් මෙරටට ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.වෘත්තිකයන් පන්සියයක් පමණ මේ වන විට හොඳ ව්‍යවසායකයන් බවට පත්කරලා තියෙනවා. තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, තමන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන්, තමන්ගේ ඉදිරි මාසික ආදායම වැඩි කරගන්න එක වෙනුවෙන්, තමන්ගේ දරුවාගේ දායාදය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ගන්න පුළුවන් හොඳම දේපොළ ආයෝජනය තමයි මේක. අපි ඒ තත්වෙට පත්වෙලා. අත්දැකීම් සහ ගොඩක් දේවල් මැද්දෙ ප්‍රායෝගිකව මේ දේවල් ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කරනවා ඔබට ඉතුරු වෙලා තියෙන සීමිත කොටස් ප්‍රමාණයක් ඒ හා සම්බන්ධවෙලා මේ ව්‍යාපෘතිය රටට දායාද කරන්න කියලා සමස්ත ලෝකයේ ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂ දෙයක් කිව යුතුයි සමහර රටවලට ගියායින් පස්සෙ ගිහිල්ල අවියානා කියලා කාඩ් එක දුන්නහම සමහර විදේශිකයින් දන්නවා අවියානා කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම එතැනදී දැනෙන සතුට හරි පුදුමයි. ඉතිං ඒ වගේ තැනකට අපි ගෙනාපු එක ගැන සතුටුයි යනුවෙන්ද අවියන හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන අවියානාහි සාඩම්බර කොටස්කරුවෙක් වීමට ඔබට සීමිත අවස්ථාවක් උදාවී ඇත 0772400700 සහ 0770475180 යන දුරකථන අංක මගින් ඒ පිළිබඳ විමසිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img