Wednesday, April 29, 2026
HomeNEWSජනප්‍රිය දකුණු ඉන්දියානු නළු කමල් හසන්ට තහනමක්.

ජනප්‍රිය දකුණු ඉන්දියානු නළු කමල් හසන්ට තහනමක්.

දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන කමල් හසන් මෑතකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු රඟපෑ චිත්‍රපට කර්ණාටක ප්‍රාන්තය තුළ ප්‍රදර්ශනය තහනම් කිරීමට එහි රජයට මේ වනවිට බලපෑම් එල්ලවී තිබේ.”දෙමළ නිසා කණ්නඩ බිහිවුණා” යනුවෙන් කමල් හසන් පසුගියදා ප්‍රකාශයක් සිදුකර තිබුණි.ඔහු රංගනයෙන් දායකවන මෙන්ම ඔහු නිෂ්පාදනය කරනු ලැබූ නවතම චිත්‍රපය වන ‘Thug Life’ සිනමා පටය වෙනුවෙන් ඉකුත් මැයි 24වනදා චෙන්නායිහි පැවති ප්‍රචාරක වැඩසටහනකදී ඔහු මෙම මතභේදාත්මක ප්‍රකාශය සිදුකර ඇත.මෙම ප්‍රකාශයට ප්‍රකෝප වූ කණ්නඩ හිතවාදී සංවිධාන කිහිපයක් බැංගලෝර්, බෙලගාවි, හුබ්බාලි සහ මයිසූර් වැනි නගරවල වීථිබැස කමල් හසන්ට සමාව ඉල්ලන ලෙස ඉල්ලා සිටියහ.කමල් හසන් එම ප්‍රකාශයට සමාව නොගන්නේ නම්, ඔහුගේ චිත්‍රපට කර්ණාටකයේ තහනම් කරන්න යැයි එහි ප්‍රාන්ත අමාත්‍යවරයෙකු වන ශිවරාජ් තංගඩගි ද කණ්නඩ චිත්‍රපට ආයතනයට දැනුම්දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.ඒ අනුව කර්ණාටක චිත්‍රපට වාණිජ මණ්ඩලය විසින් කමල් හසන්ට ඔහුගේ චිත්‍රපටය වන ‘Thug Life’ ප්‍රාන්තයේ ප්‍රචාරණ කටයුතු ආරම්භකිරීමට පෙර කණ්නඩ භාෂාව පිළිබඳ ඔහුගේ අදහස් හා සමාව ගැනීමට දින දෙකක කාලයක් ලබා දී ඇත.ඉන් දිනක්ද මේ වනවිට ගතවී තිබේ.මෙම නවතම චිත්‍රපටය එළැඹෙන ජුනි 5වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.කෙසේ නමුත් කමල් හසන් තවමත් ඔහු කළ ප්‍රකාශය නිවැරදි යැයි මතයේ සිටින බවත්, ඔහු සමාව නොගන්නා බව ප්‍රකාශකර ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img