Wednesday, April 29, 2026
HomeNEWSමහේල ප්‍රධාන පුහුණුකරු ධූරය දරන මුම්බායි ඉන්දියන්ස් පිම්මක් ඉදිරියට.

මහේල ප්‍රධාන පුහුණුකරු ධූරය දරන මුම්බායි ඉන්දියන්ස් පිම්මක් ඉදිරියට.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය.කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමට ලකුණු 229ක ජයග්‍රාහී ඉලක්කයට පිළිතුරු ලෙස කඩුලු 6ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 208ක් පමණි.මෙම තරගයේදී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් IPL වරම් හිමිකරගත් කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් රැස්කිරීමට සමත් විය.හයේ පහර 2ක් හා එක් හතරේ පහරක් සමගින් පන්දු 10කින් කුසල් සිය ඉනිම ගොඩනගමින් සිටියදී අවාසනාවන්ත හිට් විකට් දැවීයාමකින් පිටියෙන් ඉවත්ව ගියේය.මේ අනුව ජයලැබූ මුම්බායි කණ්ඩායම පෙරේදා (29) පැවති Qualifier-1 තරගයෙන් පරාජය වූ පංජාබ් කණ්ඩායම සමගින් ක්‍රීඩාකරනු ලබයි.Qualifier-2 ලෙසින් පැවැත්වෙන එම තරගය හෙට (1) අහ්මදාබාද්හිදී පැවැත්වේ.එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම එළැඹෙන ජූනි 3වනදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමගින් තරග වඳිනු ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img