Wednesday, April 29, 2026
HomeNEWSසභිකයින් ගැසට් කිරීම අද.

සභිකයින් ගැසට් කිරීම අද.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධුර කාලය 2025 ජූනි 2 වනදා ආරම්භ විය යුතු බවට නියම කර තිබේ.එම නියමය අනුව, පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් ගැසට් මගින් පළ කළ යුතුව ඇත.තේරීපත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් මැයි 27 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.සභිකයින්ගේ නම් ගැසට් කිරීමෙන් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ 50% වැඩි ඡන්ද ප්‍රතිතශයක් ලබාගත් පක්ෂය විසින් නම් කර එවනු ලැබූ පළාත් පාලන ආයතනයේ සභාපති සහ උප සභාපතිවරයාගේ නම් ද මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img