Tuesday, April 28, 2026
HomeNEWSශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ වැඩි රැකියා අවස්ථා.

ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ වැඩි රැකියා අවස්ථා.

ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ වැඩි රැකියා අවස්ථාශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් දක්වා ඇති බවත් දැනට මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණක් විවිධ රැකියාවල නිරත වන බවත් ශ්‍රී ලංකාව සඳහා මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා පැවසුවේ ය. ඒ මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (02) අමාත්‍යංශයේ පැවැති අවස්ථාවේ දී ය. ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමික සහ වෘත්තීමය යන රැකියා ඛාණ්ඩවල රැකියා අවස්ථාවන් වැඩි කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද තරදුරටත් මසූද් ඉමාද් මහතා අමාත්‍ය විජිත හේරත් මහතාට දන්වා සිටියේ ය. මාලදිවයිනේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සිය විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මසූද් ඉමාද් මහතා කියා සිටියේ ඒ පිළිබඳව මාලදිවයින රජයේ ද අවධානය යොමු වුණු බවත් එම ගැටලුකාරී අවස්ථා විසඳීමට දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ය.මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරුණි. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img