Tuesday, April 28, 2026
HomeNEWSශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතා ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සම්බන්ධතා ශක්තිමත් කෙරේ.

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඔස්ට්‍රේලියානු නව රජයේ බලාපොරොත්තුවයි – නියෝජ්‍ය අගමැතිගෙන් සහතිකයක්.නිල සංචාරයක් සඳහා මෙරරට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර සුහද සාකච්ඡාවක් අද (03) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගම් කාර්යාලයේ දී පැවැත්විණි.ඔස්ට්‍රේලියාවේ බලයට පත් වූ නව රජයට සුබපැතූ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු රජය අඛණ්ඩව ලබා දෙන සහාය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේ ය. ඔස්ට්‍රේලියානු නව රජය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සබඳතා වර්ධනය කරගැනීමටත්, සබඳතා ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බව ද ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ ය. දෙරට අතර සමුද්‍රීය සහයෝගීතාවය පිළිබඳව විශේෂ අවධානයක් මෙම සාකච්ඡාවේ දී යොමු වූ අතර කලාපීය ආරක්ෂාව සහ කලාපයේ සාමය වෙනුවෙන් දෙරට සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම රිචඩ් මාලස් මහතා මහතා අවධාරණය කළේ ය. මිනිස් ජාවාරම් අවම කිරීම සම්බන්ධයෙන් දෙරට අත්කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ ඒ මහතා තවදුරටත් එම අංශය දෙරටේ සහයෝගීතාවයෙන් ශක්තිමත් කළ යුතු බවට ද යෝජනා කළේ ය.කලාපීය සහ කලාපයෙන් ඔබ්බට දෙරටටම වැදගත් ගෝලීය ප්‍රවනතාවන් සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන් අතර ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයට ලබා දෙන පුහුණුව සහ ධාරිතා ඉහළ නැංවීමේ වැඩසටහන් පිළිබඳව ද අගය කළේ ය.මීට අමතරව දෙරට අතර පවත්නා ද්විපාර්ෂවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් ඇති අවස්ථා පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img