Thursday, April 16, 2026
HomeNEWSශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට පොසොන් පොහොය අදිටන් කරගමු- ජනපති.

ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට පොසොන් පොහොය අදිටන් කරගමු- ජනපති.

පොසොන් පණිවිඩයපොසොන් පොහොය ශ්‍රී ලංකේය අප⁣ට සුවිශේෂී වු සිදුවීම් සමුදායක් සිදු වූ වැදගත් දිනයකි. ථෙරවාද බෞද්ධ දර්ශනයේ හා සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භය සනිටුහන් වුයේ අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සිදු වු ඒ අසිරිමත් පොසොන් පොහොය දිනයේදීය.සමාජ පරිවර්තනයක් සමඟ අධ්‍යාත්මික ප්‍රබෝධයක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගිය අප රටෙහි සංස්කෘතික, සමාජයීය හා දේශපාලනික ආදී සෑම අංශයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කිරීමට සමත් විය. බුදු දහම හා බැඳුණු ජීවන රටාවකට මඟ පාදමින් සාරධර්මවලින් පොහොසත් ජන සමාජයක් බිහි වීමටද එය හේතුවක් විය.එසේම, තිස්ස නිරිඳු අතින් දුනු හී ගිලිහීමෙන් සංකේතවත් වන්නේ පාලකයා සහ ජනතාව හිංසාව ඉවත ලා අවිහිංසාව වැළඳ ගැනීමයි. පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම් තුළ ඉස්මතු කර දැක්විය යුතු මහඟු ගුණාංගයක් වන්නේ අවිහිංසාවයි. විශේෂයෙන්ම මුළුමහත් ලෝකයම විවිධ මට්ටම්වලින් හිංසාවෙන් පීඩාවට පත්ව සිටින වත්මනෙහි අවිහිංසාව යනු තමන්ගේද, අනෙකාගේද ජීවන නිදහස හා අයිතිය සුරක්ෂිත කරන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගත යුත්තකි; උගත යුතු හැසිරීමකි. එබැවින් පොසොන් පොහොය දිනයෙන් මූර්තිමත් වන අවිහිංසාවෙහි අගය වඩාත්ම දැනෙනුයේ අදටය. අනුබුදු මිහිදු හිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ තැනෙක “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දැකිය යුතු බව කියවේ. අවශ්‍ය වන්නේ එම චින්තනය දරාගත් ශිෂ්ටසම්පන්න සහ වගකීම් සහගත මිනිසුන්ය. එම සමාජය නැවත ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින් රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික වශයෙන් නව ආකල්ප සහිත නූතන ශිෂ්ටසම්පන්න රාජ්‍යය ගොඩනැඟීමේ පරම වගකීම අප දෙවුර මත පැට වී තිබේ.අප ප්‍රාර්ථනා කරන සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය යථාර්ථයක් කර ගත හැක්කේ එම ශිෂ්ටසම්පන්න සමාජය ගොඩනැඟීමෙන් පමණක් බව මම තරයේ විශ්වාස කරමි. එම සාමුහික ප්‍රයත්නය වෙනුවෙන් සියලුදෙනා එකාවන්ව පෙළ ගැසෙමු’යි මෙම පොසොන් පොහොය දිනයේදී ඔබ සියලුදෙනාට ආරාධනා කරමි.ලක්වාසී සැමගේ සිත්සතන් ධර්මාවබෝධයෙන් ආලෝකවත් වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!අනුර කුමාර දිසානායකජනාධිපතිශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය2025 ජූනි 10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img