නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා තිබේ.ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළේය.අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ආරම්භ වූ අතර ලොස් ඇන්ජලීස් හී එම විරෝධතා දැඩි මුහුණුවරක් ගනු ලැබීය.ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් යෙදවීමට පියවර ගැනීමත් සමගය.මේ අතර අමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරද ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.






















