Thursday, April 16, 2026
HomeNEWSඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් හයදහසක්.

ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් හයදහසක්.

ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසයට සමගාමීව ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.එම මාධ්‍ය වාර්තා අනුව පසුගිය පැය 24 තුළ රෝගීන් එරටින් නව රෝගීන් 7 දෙනෙකු සොයාගෙන ඇති අතර කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය ලෙස කේරළයද පත්ව ඇතැයි සඳහන් වේ.නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප්‍රාන්තය ලෙස කේරළය පත්වද්දි මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප්‍රාන්තවල ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.එමෙන්ම පසුගිය ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කොවිඩ් රෝගය හේතුවෙන් මරණ 65ක් වාර්තා වී ඇති අතර උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img