Friday, April 17, 2026
HomeNEWSකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කාර්යක්ෂම කිරීමට ඇමති බිමල්ගෙන් උපදෙස්.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කාර්යක්ෂම කිරීමට ඇමති බිමල්ගෙන් උපදෙස්.

*විවාදයට තුඩු දුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු කාර්යක්ෂම කෙරේ.*ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ සවස අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු එක්විය.එහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලු අමාත්‍යවරයා මේ වසර ඇතුළත දී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ කඩිනමින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිමකිරීමේ අවශ්‍යතාව මතුකර සිටියේ ය. 2014 සිට 2022 වසර දක්වා කිසිඳු ඉදිකිරීමක් සිදුනොකළ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2022 සිට ඉබිගමනේ සිදු වූ බවත් වත්මන් රජය බලයට පත්වූ පසු ව්‍යාපෘතියේ සැළකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතිබවත් එය තවදුරටත් වේගවත් කළ යුතු බවත් පැවසූ ඇමතිවරයා නැගෙනහිර පර්යන්නය(ECT) වරාය සේවකයින් විසින් දිනාගත් සම්පතක් බවත් එය කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ෂවයකට ලබානොදෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ යටතේ වඩාත් කාර්‍යක්ෂම සහ නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නේ ය.වරාය අධිකාරියේ සභාපති, උප සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී ව්ය.-මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්⁣සේවා අධිකාරිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img