සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.‘‘ජනවාරි මාසයේ දී රේගුව විසින් බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව පිට කිරිම හේතුවෙන් එම බහලුම්වල තිබුණ භාණ්ඩ පිළිබඳව විශාල කතාබහක් රටතුළ ඇතිවුණා. එම බහලුම් 323 පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්න මුලික වුණේ රේගු වෘත්තිය සමිති සම්මේලය. රේගු වෘත්තිය සමිති සම්මේලය ජනවාරි මාසයේ 20 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් මගින් මේ බව දන්වා තිබෙනවා. ඒ අනුව කිසිදු පරික්ෂාවකින් තොරව බහලුම් 323 ක් පිට කිරීම සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු අනාවරණය කරන්නේ රේගු වෘත්තිය සමිති සම්මේලනය. මේ සම්බන්ධයෙන් අපිත් තොරතුරු දැන ගත්තේ රේගු වෘත්තිය සමිති සම්මේලනය මෙම කාරණය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරිම තුළයි. ඒ වගේම රේගු වෘත්තිය සමිති සම්මේලනය ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ වැදගත් කරුණු 3 ක් සඳහන් කරනවා. බහලුම් 323 ම අවදානම් කළමනාකරණ අංශ අවදානම් ලෙස හදුනාගනු ලැබූ අනිවාර්යෙන්ම පරික්ෂාකළ යුතු බවට නිගමනය කළ බහලුම් වීම පළමු කාරණය ලෙස දක්වා තිබෙනවා. අවදානම් කළමනාකරණ නිර්ණායක මගහැර භාණ්ඩ මුදා හැරිම තුළින් අවදානම් කළමනාකරණය නොසලකා හැරීම දෙවන කාරණය ලෙස දක්වා තිබෙනවා. එසේ අවදානම් ලෙස හදුනාගත් බහලුම් කිසිදු පරික්ෂාවකින් තොරව මුදා හැරිම හේතුවෙන් රාජ්‍ය බදු ආදායම අහිමි වීම , අන්තරායකර භාණ්ඩ මහජනතාව වෙත මුදා හැරීම සහ වෙළද ප්‍රජාව තුළ තොරාගත් පිරිසක අනවශ්‍ය වාසියක් ලබාදීම , අවදානම් කළමනාකරණ නිර්ණායක අනුව කඩිනමින් නිශ්කාෂණය කළ බහලුම් අනවශ්‍ය ලෙස පෝලිම් ගසා කෘතිම ගැටලුවක් නිර්මාණය කර ඒ හරහා ඇතැම් කූඨ ආනයනකරුවන්ට බහලුම් රථ හිමිකරුවන්ට සහ ජාවාරම් මෙහෙයවන පිරිසට අවශ්‍ය පසුබිම මෙහෙයවිම යන කරුණත් එම ලිපියේ සඳහන් වෙනවා. එමෙන්ම බහලුම් 323 ඇතැම් ආනයනකරුවන්ට සහ භාණ්ඩ නිශ්කාෂණය කරන ආයතනවලට රේගු වැරදි සම්බන්ධයෙන් මීට පෙර දඩුවම් ලබාදිම සහ එම දත්ත තිබියදී ඒවා නොසලකා හැර බහලුම් මුදා හැරිමට කටයුතු කිරිම යනුවෙන් එම ලිපියේ සඳහන් වෙනවා. බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව පිට කර තිබෙන බව දැන ගත්තේ රේගු වෘත්තිය සමිති සම්මේලනය ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින්. ඒ වගේම එවැනි සිද්ධියක් සිදුවී නැති බව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් එවැනි දෙයක් සිදුවෙලා තිබෙන බව රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගේ යටතේ සිටින නිලධාරින් ප්‍රකාශ කරනවා. ඒ නිසයි රේගු වෘත්තිය සමිති සම්මේලනය ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමු කරලා තිබෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එවැනි ප්‍රකාශයක් සිදුකරන්නේ කොහොමද? කෙසේ නමුත් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා එක් ප්‍රකාශ කරනවා. රේගු වෘත්තිය සමිති තවත් ප්‍රකාශයක් කරනවා. ඒ වගේම විෂය භාර ඇමැතිවරයා තවත් කතාවක් ප්‍රකාශ කරනවා. ඒ වගේම රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පසුගියදා එම බහලුම් 323 තිබුණ දේවල් පිළිබඳව රටට ප්‍රකාශයක් සිදුකරනවා. නමුත් ඔහු එම ප්‍රකාශය සිදුකරන්නේ මාස 6 කට පසුවයි. ඒ බහලුම් 323 තිබුණ භාණ්ඩ මුදාහැරලා අවසන් වුණාට පසුව තමයි ඔහු එම ප්‍රකාශය සිදුකරන්නේ. දැන් බහලුම් 323 තිබුණ දේවල් පිළිබඳව සඳහන් කරලා ඵලක් නෑ. එවැනි තත්ත්වයක් තුළ එම බහලුම් පරික්ෂාවට ලක්කිරිම අපහසු කාර්යයක්. බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව පිට කිරිමේ චෝදනාව එල්ල වුණ දිනයේදී එම බහලුම් වල තිබුණ දේවල් පිළිබඳව හෙළි දරව් කිරිමට තිබුණා. නමුත් එවැන්නක් සිදුකළේ නෑ. ඒ වගේම බහලුම් වල තිබුණ දේවල් පිළිබඳව උප්පු කරගැනීමට මේ වනවිට කිසිදු සාක්ෂියක් නෑ. ඒ වගේම මෙම බහලුම් 323 රතු නිවේදන නිකුත් කර තිබුණ බහලුම් තොයක්. ඒ වගේම මෙම බහලුම් තොගය අනිවාර්යෙන් පරික්ෂාවට ලක් කළ යුතු බවට රේගුව විසින් හදුනාගත් බහලුම් තොගයක්. හඳුනාගත් බහලුම් 323 කිසිදු පරික්ෂාවකින් තොරව පිට කිරිම නිසා තමයි මේ ගැටලුව මතුවී තිබෙන්නේ. ඒ වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ දූෂණ වංචා සිදුවෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ නෑ. ජනාධිපතිවරයා රේගු දෙපාර්තමේන්තුව දුෂිත ආයතනයක් ලෙස නොදකින්නේ ඇයි දැයි කියන ප්රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා ඕනෑකමින් බහලුම් 323 ප්රශ්නය යටගහන්න උත්සහ දරන බවක් පෙනෙන්න තිබෙනවා. බහලුම් 323 නිදහස් කිරිම සම්බන්ධයෙන් අවසාන වගකිම දැරිය යුත්තේ මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා. ඒ නිසා බහලුම් 323 කිසිදු පරික්ෂාවකින් තොරව පිට කිරිමේ වගකිම ජනාධිපතිවරයාට පැවරිලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා එම චෝදනාවෙන් නිදහස් වෙන්න බෑ. ඒ වගේම සිරකරුවන් නිදහස් කිරිමේ චෝදනාවක් යටතේ බන්ධනාගාර කොමසාරිවරයා අත්අංගුවට ගෙන තිබෙනවා. ඔහුව අත්අංගුවට ගත්තානම් බහලුම් 323 සිද්ධියට වගකිව යුතු පුද්ගලයන්ද අත්අංගුවට ගත යුතුයි. ඒ වගේම පරික්ෂණයක් පවත්වලා තමයි අත්අංගුවට ගැනිම සිදුකරන්නේ. අත්අංගුවට අරගෙන පරික්ෂණ පවත්වන බෑ. නමුත් ආණ්ඩුව රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට අරගෙන පරික්ෂණ පවත්වන්න කටයුතු කරනවා. ඒ වගේම නිදහස් කළ සිරකරුවන් 388 ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා අත්සක කළ ලැයිස්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිට යවපු ලැයිස්තුවත් ,රටට ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලලා සිටිනවා. ඒ වගේම ජාතික ජන බලවේගයට බලය ලැබෙව පළාත් සභාවලට ඇස් වහගෙන ප්‍රතිපාදන සඳහා ලියකියවිලි වලට අත්සන් කරන බව ජනාධිපති කිව්වා. මේ ලැයිස්තුවත් ජනාධිපති ඇස් වහගෙනද දන්නේ නෑ අත්සන් කළේ. ඒ වගේම බහලුම් 323 ලැයිස්තුවත් ජනාධිපති ඇස් වහගෙනද දන්නේ නෑ අත්සන් කළේ. ඒ වගේම ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම් 7 පිළිබඳව කිසිදු තොරතුරක් ආණ්ඩුව හෙළි කරන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ඇසැයි යුතු බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එම ගිවිසුම් 7 ත් ජනාධිපති ඇස් වහගෙනද දන්නේ නෑ අත්සන් කළේ. ඒ වගේම පසුගිය කාලයේදි රටේ ලුණු හිගයක් ඇතිවුණා. ඒ ලුණු හිගයේදී පෞද්ගිලක ආයතන විසින් ලුණු කිලෝවක් රුලියල් 350 ක මිලට අලෙවි කිරිමට කටයුතු කළා. මීට පෙර ලංකාවේ ලුණු කිලෝවක් අලෙවි වුණේ රුපියල් 130 ක් වගේ මුදලකට. ඒ වගේම ලංකා මුදලින් ගත්විට ඉන්දියාවේ ලුණු කිලෝවක් රුපියල් 24 ක් වගේ මුදලක් වෙනවා. මේ බව මම මාස එක හමාරකට පෙර සඳහන් කළො. ඒ වගේම ලුණු සඳහා ආණ්ඩුව ආනයනික බද්ද ලෙස කිලෝවකට රුපියල් 40 ක් අයකරනවා. ඒ අනුව ලංකා මුදලින් ගත්විට ඉන්දියාවේ ලුණු කිලෝවක් රුපියල් 24 යි. ඒ සඳහා ආනයනික බද්ද ලෙස රුපියල් 40 ක මුදලත් එකතු කළ විය ලුණු කිලෝවක මිල රුපියල් 64 යි. ඒ වගේම අනෙකුත් වියදම එකතු කළ පසු ලුණු කිලෝවක මිල රුපියල් 100 ක් වෙනවා. නමුත් රාජ්‍ය නීතිගත සංස්ථාව ලුණු ආනයනය කර පෞද්ගලකි ආයතනවලට ලබාදි තිබුණා. ඒ අනුව පෞද්ගලික ආයතන විසින් ලුණු කිලෝවක් රුපියල් 350 කට අලෙවි කරන්න කටයුතු කළා. කෙසේ නමුත් පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල මිල අඩුවිය යුතුයි. පසුගිය ආණ්ඩුව සමයේ බිත්තර මිල ඉහළගිය පසුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර රුපියල් 35 ට බිත්තර ජනතාවට ලබාදුන්නා. නමුත් වර්තමාන ආණ්ඩුව රුපියල් 130 කට ලුණු කිලෝවක් ලංකාවෙන් ලබාගැනිමට හැකියාව තිබියදී ලුණු ආනයනය කරලා රුපියල් 350 ක ට අලෙවි කරනවා. ඒ වගේම ඉන්දියාවෙන් ගෙන එන ලුණු කිලෝවක් රුපියල් 80 කට ජනතාවට ලබාදිමට හැකියාව තිබෙන බව වෙළඳ ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. රාජ්‍ය නීතිගත සංස්ථාව ලුණු ආනයනය කර පෞද්ගලිත ආයතනවලට ලබාදිලා එම පෞද්ගලික ආයතන විසින් ලුණු කිලෝවක් රුපියල් 350 කට අලෙවි කර එම ලුණ වෙළදපොල තුළ නැතිවුණාට පසුව තමයි ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදුකරන්නේ. කෙසේ නමුත් ඇමැතිවරයා මේ ප්‍රකාශය කිරිමට පෙරයි මම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. ඒ වගේම රජය මතු සමාගමක් වන පුත්තලම් සංස්ථා ලුණු සමාගම ලුණු කිලෝවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 300 ට. මේ හරහා විශාල මුදල් ගසාකෑමක් සිදුවෙනවා. ඒ වගේම ඉන්දියානු වෙළද නාමයක් යටතේ ලංකාවේ වෙළදපොල තුළ කිලෝවක ලුණු පැකට්ටුවක් අලෙවි වනවා. එම කිලෝවක ලුණු පැකට්ටුවේ සිල්ලර මිල ඉන්දියානු රුපියල් 25 යි. එම ලුණු පැකට්ටුව ලංකා මුදලින් රුපියල් 87.50 ක් වනවා. නමුත් එම ලුණු පැකට්ටුව ලංකා වෙළදපොල තුළ රුපියල් 170 ක් වැනි මුදලකට තමයි අලෙවි වන්නේ. මේ ලුණු හිඟය හරහා ආණ්ඩුව රටේ ජනතාවගේ විශාල මුදල් සූරාකමින් තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය බලය ලබාගැනිමට පෙර ප්‍රකාශ කළේ , වෙළද මාෆියාව නැති කරන බවයි. නමුත් දැන් ආණ්ඩුව ලුණු ආනයනය කරලා විශාල මුදලකට ලුණු අලෙවි කරන්න කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ ආයතන තුන්ගුණයකින් ලුණුවල මිල ඉහළ දමා තිබෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය ආයතන නිද්‍රාශිලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තිබෙන බවක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන සිටින තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම පාලන මිලක් ඇති කරන්න රජය කටයුතු කරන්නෙත් නෑ. කෙසේ නමුත් මහජනතාවගේ මුදල් මංකොල්ල කන්න විවිධ මාෆියාකාරයින්ට ආණ්ඩුව ඉඩ ලබාදී තිබෙනවා. කෙසේ නමුත් පාරිභෝගික ජනතාවට සාධාරණය ඉටු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම භාණ්ඩ ආනයනය කරන්නේ නැ කියලා බලය ලබාගත් ජාතික ජනබලවේගය දැන් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවට භාණ්ඩ ආනයනය හරහා විශාල බදු මුදලක් එකතුවෙනවා. රාජ්‍ය ආදායම වැඩි කරගැනිමට ආණ්ඩුව එක් උපක්‍රමයක් ලෙස මෙය භාවිතා කරන තත්ත්වයක් පෙනන්න තිබෙනවා. ජනතාවරමට එරෙහිව ආණ්ඩුව අද කටයුතු කරන තත්ත්වයක් තමයි මේ හරහා පෙනෙන්න තිබෙන්නේ.‘‘






















