Thursday, April 16, 2026
HomeNEWSරනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පරම්පරාව බුද්ධ ශාසනය වෙනුවෙන් කළ මෙහෙවර වජිර...

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පරම්පරාව බුද්ධ ශාසනය වෙනුවෙන් කළ මෙහෙවර වජිර පෙන්වා දෙයි.

පොසොන් දිනයේ ආගමික වැඩසටහනක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, වජිර අබේවර්ධන මහතා විසින් 2025.06.12 දින මාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශය.“පොසොන් දිනයේ අරමුණ විය යුත්තේ වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ශ්‍යාවෙන් තොරව සිත් සතන් සුවපත් වේවායි යන ප්‍රාර්ථනාවෙන් ශ්‍රී ලාංකික සහ ලෝක බෞද්ධ ජනතාව පෙළ ගැස්වීමයි… “එවන් මොහොතක VIII වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා සහභාගී නොවූ බවට ප්‍රකාශ නිකුත් වීම ශ්‍රී ලාංකික සමස්ත බෞද්ධ ජනතාව නොමග යැවීමකි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පරම්පරාව බුදුන් වැඩම කළ කැළණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබුණු යුගයක එය ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන පරිදි සකස්කොට ශාසනයට පූජා කළේද එම පරපුරයි. මිහින්තලාවේ පුදබිමේ ආලෝක පූජාව පටන් ගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජේවර්ධන මහතා විසිනි. එපමණක් නොව අනුරාධපුර නගරයේ කෙරෙන ප්‍රධාන පිංකම් ගණනාවක්ම පටන් ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ අය විසින් බව අමතක නොකළ යුතුයි. එමෙන්ම එම පරම්පරාවේම සාමාජිකයෙකු වන උපාලි විජේවර්ධන මහතාද සිතුල් පව්වේ පොසොන් උත්සවය එදා ආරම්භකොට එයටද නායකත්වය ලබා දුන්නා. එතැනින් නොනැවතුණු එම පරම්පරාවේ රංජිත් විජේවර්ධන මහතා විජය පුවත්පත සමාගම හරහා තන්තිරිමලේ ආලෝක පූජාවද පසුකාලීනව ආරම්භ කරනු ලැබුවා. ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් මෙවන් පිංකම් කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ උදවිය සහ එතුමා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාර ගෙනයාම කණගාටුදායක කරුණකි. එපමණක් නොව ඉහත සඳහන් පිංකම් මාලාවලට විටින් විට රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා ලැබුණු සෑම අවස්ථාවකම සහ එතුමාට කළ හැකි සෑම සේවයක්ම එතුමා ආලෝකමත් කිරීමට පියවර ගත්තේය. එපමණක් නොව විවිධ ආණ්ඩු මාරු වුවත් බෞද්ධ ශ්‍රී ලාංකික නායකයින් විවිධ අවස්ථාවල මේ පිංකම් සඳහා දේශපාලන භේදයකින් තොරව සහභාගී වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඉතිහාසයේ සිතුල්පව්ව පිංකම් මාලාවට විටින් විට සහභාගී වන අවස්ථාවද අපට සිහියට නැගෙනවා. 2024 වසරේ පොසොන් පොහොය දිනයේදී තන්තිරිමලේ රජමහ විහාරයේ පැවැති අලෝක පූජාව සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආරාධනය ලැබුණු වහාම එතුමා ඒ සඳහා සහභාගී වී සමස්ථ ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් එම කටයුතු ආලෝකමත් කිරීම සඳහා ක්‍රියාකළ බව ශ්‍රී ලාංකික මහජනතාවට මතක් කර දීමට කැමතියි. එම නිසා අනුරාධපුරයේ ප්‍රධාන පිංකම් ආගමික වැඩසටහන් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවූ බවට කෙරෙන ප්‍රකාශ සියල්ලක්ම පදනම් විරහිත කරුණු බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.. වජිර අබේවර්ධන (හිටපු අමාත්‍ය)සභාපති – එක්සත් ජාතික පක්ෂය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img