Wednesday, June 3, 2026
HomeNEWSසයිප්‍රස් හි ශ්‍රී ලාංකිකයින්ට ඇමති විජිතගෙන් සුභ පණිවිඩයක්.

සයිප්‍රස් හි ශ්‍රී ලාංකිකයින්ට ඇමති විජිතගෙන් සුභ පණිවිඩයක්.

සයිප්‍රස්ශ්‍රී ලංකිකයන්ට සුබ පණිවිඩයක්ජුලි මස 20 වන දින සිට සයිප්‍රස් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකියන්ට තානාපති සේවය ලබා ගැනීමට හැකි වන පරිදි එරට තුළ ශ්‍රී ලංකා තානාපති කාර්යලයක් විවෘත කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා තීරණය කර ඇත. තානාපති කාර්යාලය විවෘත කිරීමට අදාළව සයිප්‍රස් රජයේ ද අනුමැතිය හිමි වී ඇති අතර අලුතින් විවෘත වන මෙම තානාපති කාර්යලයේ කටයුතු ඇරඹීමට අමාත්‍යංශයෙන් පත් කළ දූත මණ්ඩලය ජුලි මස 15 වන දින එරට බලා පිටව යාමට නියමිත ය.මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ, නිරන්තරයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා සයිප්‍රස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යලය නැවත වීවෘත කිරීමට තීරණය කළ බවයි. මෙම කාර්යාලය ආරම්භ කිරීමෙන් පසු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සේවය කරන අතර නව රැකියා අවස්ථා සහ වෙළඳ ආයෝජන වැඩි කරගැනීමටත් කටයුතු කළ හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.සයිප්‍රස්හි ශ්‍රී ලාංකිකයින් දස 15000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර වසර කිහිපයකට පෙර එහි ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය වසා දමන ලදි. ඒ හේතුවෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයන් තානාපති සේවය ලබා ගැනීම සඳහා තුර්කියේ අන්කාරා තානාපති කාර්යාලයට යොමු වීමට සිදු වී ඇත. සයිප්‍රස්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම් සලකා මෙම දූත මණ්ඩල සේවය ඇරඹීමට අමාත්‍ය විජිත හේරත්ගේ මැදහත් වීම මත නව රජයට හැකි විය. සයිප්‍රස් තානාපති කාර්යාලයට අමතරව මේ වසරේ ජනවාරි මාස නවසීලන්තයේ ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයක් විවෘත කරනු ලැබීය. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු...

වසර 12කට පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයට… ඇමති විජිතට ඉහළ පිළිගැනීමක්

අමාත්‍ය විජිත නවසීලන්ත අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු අඩකට වැඩි පිරිසක් මුණගැසීමට නියමිතයි.2014න් පසු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු නවසීලන්තයේ සිදු කරන පළමු සංචාරය. නවසීලන්ත සංචාරය තුළින් දෙරට...

වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාව සජබට

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති ධුරය සජබට වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණයේ දී එහි සභාපති ධුරය සමගි ජන බලවේගයේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img