Friday, September 4, 2026
HomeNEWSලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු ඇගවීම් හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව විදෙස් වාර්තා සඳහන් කළේ, බොරතෙල් මිල යළි සියයට 3කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3.75කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.

අමෙරිකාව සහ ඉරානය සාකච්ඡා සඳහා යොමුවීමේ සූදානමක පසුවූ අවස්ථාවක මෙලෙස යළි දෙපාර්ශවය අතර ගැටුම්කාරී වාතාවරණයක් හටගෙන ඇති අතර අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අද අලුයම් කාලයේ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකාවේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය ප්‍රකාශ කර තිබුණි.

ඉරානය විසින් කුමන රටක පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේ ද යන්න නිශ්චිතව දක්වා නොමැති නමුත් කුවේට් ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් වැළැක්වීමට කටයුතු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img