Friday, August 28, 2026
HomeNEWSරටේ ඩිජිටල් ව්‍යවසායකයන්ට 18%ක බද්දක් ගහන එක නතර කරන්න - විපක්ෂ නායක...

රටේ ඩිජිටල් ව්‍යවසායකයන්ට 18%ක බද්දක් ගහන එක නතර කරන්න – විපක්ෂ නායක සජිත්.

*රටේ ඩිජිටල් ව්‍යවසායකයන්ට 18%ක බද්දක් ගහන එක නතර කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*රජය ඩිජිටල් සේවාවලට ඔක්තෝබර් 1 වැනි දා සිට 18%ක වැට් බද්දක් පනවා ඇති බවත් මෙය කුමන ආකාරයට රටට ඉදිරිපත් කළත් එය ගැසට් කර ඇති බවත් මේ නිසා ක්ලවුඩ් පරිගණක සේවා, වෙබ් පාදක යෙදවුම්, ඊ වානිජ සේවා, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්‍ය, අන්තර්ගත නිර්මාණය ආදී සමස්ත ක්ෂේත්‍රයටම මෙම බද්ද පැනවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ ක්ෂේත්‍රය තුළ ලක්ෂ ගණනාවක් රැකියා කරන බවත් තරුණ පරපුර ආදී විවිධ කණ්ඩායම් මේ ව්‍යාපාරයේ නිරත වන බවත් මේ තරුණ පරපුර මැදි ආදායම් පරපුරට ජීවනෝපායට පහර ගැසීමක් ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ වැට් බදු ගහන්නේ අයි එම් එෆ් කොන්දේසිය නිසා බවත් රජය මෙය සගවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.රජය අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරනවා කිව්වත් එය වෙනස් නොකර මේ බදු ගහන බවත් එම නිසා කරුණාකර ඩිජිටල් ක්ෂේත්‍රය ජීවනෝපාය කර ගෙන ක්‍රියාත්මක වන මැද පන්තිය තරුණයන්ට ව්‍යවසායකයන්ට බදු නොගහන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.https://youtu.be/XRAKjWtBBTk?si=nn4kEchf0TlZZsyo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img