Saturday, August 22, 2026
HomeNEWSකොළඹ බේරේ වැවෙන් දැඩි දුඟදක්... ගංගාරාමයට එන බැතිමතුන්ට දැඩි දුෂ්කරතා

කොළඹ බේරේ වැවෙන් දැඩි දුඟදක්… ගංගාරාමයට එන බැතිමතුන්ට දැඩි දුෂ්කරතා

කොළඹ හුණුපිටිය ගංගාරාමය බේරේ වැව දෙසින් දැඩි දුගඳක් හමන්නට පටන්ගෙන තිබෙන බව වාර්තාවේ. දින කිහිපයක් තිස්සේ පවතින මෙම දැඩි දුගඳ මගින් ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන්, බේරේ වැව ආසන්නයේ පිහිටා ඇති බිෂොප් විද්‍යාලයේ සිසුවියන්, ගංගාරාමයේ සිට පිත්තල හන්දිය දක්වා පිහිටා ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින්, බේරේ වැව අසලින් ගමන් ගන්නා මගින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බව වාර්තාවේ. බේරේ වැවට කැලිකසල ඇතුළු මළපහ සහ විවිධ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා මෙම දැඩි දුගඳ පැවතින බවත් මේ හේතුවෙන් ගංගාරාම විහාරස්ථානය තුළට ද දැඩි දුගඳක් හමායමින් තිබෙන බවත් ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ නියෝජිතයකු Lanka s news වෙත ප්‍රකාශ කළේය. විදේශීය සංචාරකයින් සහ බැතිමතුන් විශාල ප්‍රමාණයක් දිනපතා ගංගාරාම විහාරස්ථානයට පැමිණෙන බවත් ඔවුන් ද මෙම දැඩි දුගඳ හමුවේ දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත් මේ ගැන අදාළ වගකිය යුත්තන්ගේ අවධානය කඩිනමින් යොමිය යුතු බවත් ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ නියෝජිතයකු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. බේරේ වැවට එක් වී ඇති මළපහ ඇතුළු අපද්‍රව්‍ය බේරේවැවේ මායිමිවල ගොඩ ගැසෙමින් තිබෙන බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img