Friday, August 21, 2026
HomeNEWSඅන්තරේ දෙකඩ වෙයි? සැබෑ අන්තරේ කවුද?

අන්තරේ දෙකඩ වෙයි? සැබෑ අන්තරේ කවුද?

දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ”අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය” නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර ති‌බේ.පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවය.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා, ”1978 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පටන් ගන්නවාත් එක්කම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වගේම, නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දැවැන්ත අරගල ප්‍රමාණයක් කරපු, දැවැන්ත කැපකිරීම් ප්‍රමාණයක් කරපු යුගයක් තමයි. මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙනවා අලුතෙන් විශ්වවිද්‍යාල, ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන, සමාජය ඉදිරියට යනවා. තාක්ෂණය අතින් ලෝකය ඉදිරියට යනවා. හැබැයි ගැටලුකාරී තත්වය බවට පත් වෙන්නේ, ලංකාවේ පිළිගත්ත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට, අවස්ථානුකූලව හැඩගැසෙන්න මැලිකමක් දක්වනවා. මේ නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමත් සමඟ වැඩිවෙන ආයතන එකතු කරගන්නවා වෙනුවට, තියෙන ආයතන පවා එකින් එක ගැලවී වෙන්විලා යන්න පටන් ගන්නවා. හැබැයි අවබෝධයක් තිබ්බා මේ ශිෂ්‍ය ව්‍යාපාරය යන්නේ කොහෙටද කියලා. ජනතාවගේ සටන්වලට, ජනතාවගේ අයිතීන්වලට නිදහස් අධ්‍යාපනයට මූලිකත්වය දුන්නු, නායකත්වය දුන්නු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයම පහුකාලයකදි ලංකාවේ ජනතාවගෙන්ම ගැටළුකාරී තත්වය ඇවිල්ලා ප්‍රතික්ෂේප වීම් බවට පත් වෙනවා. අද අපිට හැකි වෙලා තියෙනවා, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට නව පන්නරයක් ලබා දෙන්න. කාගෙවත් මේ ඕනෑ එපාකම්වලට දුවන්නේ නැති සීයට සීයක් ලංකාවේ විශ්වවිද්‍යාලවල පද්ධතියේ ඉන්න ශිෂ්‍යයන්ගේ වගේම, එළියේ ඉන්න මහ ජනතාවගේ ඕනෑ එපාකම් මත ක්‍රියාත්මක වෙන්න පුළුවන්, අන්තර් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ව්‍යුහගතකරලා හදන්න තීරණය කරේ”කෙසේවෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන මදුෂාන් චන්ද්‍රජිත් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයේ ප්‍රධානම අභියෝගය වී ඇති ශිෂ්‍ය ව්‍යාපාරය දුර්මුඛ කිරීම සඳහා සරසවි ශිෂ්‍ය නායකයන් යැයි කියාගත් තම රූකඩ යොදා ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බවය.මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද මේ පිළිබදව සිය අදහස් දක්වා සිටියේ ය.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා, ”මේකේ තියෙන ප්‍රශ්නය තමයි ආණ්ඩුවට ඕනෑ නැති හිතවත් හෙන්චයියෝ හදාගන්න. හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරය හරි, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මොන ආණ්ඩුව බලයේ හිටියත් රටේ ජනතාවගේ පැත්තේ හිටගත්තු දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා කාටහරි පුළුවන් කැඳවුම්කරු මමයි කියලා ලේබල් ගහගන්න. ඒ ලේබල් එක ගහගෙන ඇඳේ නිදාගෙන ඉන්න. හැබැයි එහෙම වුණා කියලා රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් ඒවා අනාගතයේ විවිධ සටන් පාඨ ඇතුලේ මැදිහත්වීම ඇතුලේ ඒක ඔප්පු වෙයි ජනතාවට මොකක්ද ඇත්ත කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img