ෆින්ලන්තය සමඟ සිදු කෙරෙන වීසා කටයුතු වඩාත් විධිමත් හා කඩිනම් කිරීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මැදිහත් වී තිබේ. විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නවදිල්ලා නුවර සිටින ෆින්ලන්තය තානාපතිවරයා අතර හමුවක් අද කොළඹ දී සිදුවූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර මිත්‍රත්වය සහ ආර්ථික කටයුතු වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ. මෙම හමුවීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි. එය පහත දැක්වේ. අද, මම නවදිල්ලියේ පදිංචි ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපති අතිගරු කිම්මෝ ලහ්ඩෙවිර්තා මහතා හමුවුණා. අපගේ සාකච්ඡාවලදී වෙළඳාම, ආයෝජන, සංචාරක, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජනතාව අතර හුවමාරු යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වුණා.ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ප්‍රගතිය, දූෂණ විරෝධී මුලපිරීම්, මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන පියවර පිළිබඳව මම තානාපතිවරයාට විස්තර කළා. ශ්‍රී ලාංකික සිසුන් සහ සේවකයින් සඳහා ෆින්ලන්ත වීසා ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා දිගුකාලීන විසඳුමක් ගවේෂණය කිරීම පිළිබඳව ද අපි සාකච්ඡා කළා.ගෝලීය සහ කලාපීය අභියෝග පිළිබඳව අපි අදහස් හුවමාරු කරගත් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික වේදිකාවල අපගේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වුණා.
























