Saturday, August 15, 2026
HomeNEWSදශක හතරකට පසු පාර්ලිමේන්තුව අලුත් කරන්න පටන් ගනියි

දශක හතරකට පසු පාර්ලිමේන්තුව අලුත් කරන්න පටන් ගනියි

දශක 4කට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදුවන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්හ කර ඇත.අමාත්‍යමණ්ඩල අනුමතිය යටතේ, වසර 42කට අධික කාලයකට පසු මෙලස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදුවන අලුත්වැඩියා කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත සිදුකරනු ලබයි.ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී . එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත් වැඩියා කටයුතු මෙලෙස සිදු කෙරේ.මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කළද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img