Saturday, August 8, 2026
HomeNEWSවසර 60කට පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වසර 60කට පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවීම විශේෂත්වයකි.මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ.අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරයි.මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සිහින ගමනාන්තය වැඩසටහනට අනුව කොළඹ, මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව ඇත.එහිදී දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ස්වභාවයට හානියක් නොවන අයුරින් හා පැරණි ස්වභාවය රැකෙන ලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිත බව සඳහන් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහය

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට විශේෂ පුහුණුවක්ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ...

ජනපතිට යැවූ ලිපිය ප්‍රසිද්ධ කරන්න- ඒකාබද්ධ විපක්ෂය මහානාහිමිවරුන්ගෙන් ඉල්ලයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ අද (08) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ ද, මල්වතු...

ජනතාව සමඟ පාලනය කරන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට අපි කැපවී සිටිනවා-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

දකුණු ආසියාවේ අනාගතය තීරණය වන්නේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් හෝ ආර්ථික තරඟකාරිත්වය මත පමණක් නොවෙයි රජය වෙනම ව්‍යුහයක් ලෙස සිටිමින් ජනතාව පාලනය කරන රාජ්‍යයක්...

මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබෙන බව මල්වතු නාහිමියන් පැවසූවා- දිනන දකුණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම පිළිබඳ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇති බවට මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් පැවසූ බව දිනන දකුණ සාමූහිකය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img