Thursday, September 24, 2026
HomeNEWSචීන තානාපති ඇමති විජිතගේ වැයික්කියට

චීන තානාපති ඇමති විජිතගේ වැයික්කියට

ගම්පහ දිස්ත්‍රික්කයේ ජලයෝජනා ක්‍රමයක් විවෘත කිරීම පසුගියදා සිදු විය. එම අවස්ථාවට විදේශ කටයුතු ඇමති විජිත හේරත් සහභාගි වූ අතර ඔහු එම උත්සවයෙන් අනතුරුව තැබූ X ගිණුමේ සටහන පහත දැක්වේ .මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාද සහභාගි වීම විශේෂත්වයකි

ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගාඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයෙමි. ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මිනුවන්ගාඩ හා අත්තනගල්ල ප්‍රාද්ශිය ලේකම් ‍කොට්ඨාශ සියල්ල සහ මහර හා මීරිගම කොට්ඨාශයේ කොටසක් ද ආවරණය වන පරිදි ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීමේ මෙම මහා පරිමාණ ව්‍යාපෘතියෙන් සිදු වෙයි.මෙයින් නව ජල සබදතා 88,000ක් ද 22,000ක් පමණ දැනට ඇති ජල සබදතාවල තත්වය උසස් කිරීමක් ද සිදු වෙයි. මෙම ව්‍යාපෘතිය ඝන මීටර මිලියන 5.5 ධාරිතාවයකින් යුතු බස්නාගොඩ ජලාශය, දිනකට ඝන මීටර 85000ක ධාරිතාවකින් යුත් තුළුමං පොම්පාගාරය, දිනකට ඝන මීටර 54,000 ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරය, ඝන මීටර 10,000 ධාරිතාවකින් යුතු උස් මට්ටම් ජල ටැංකිය සහ ඝන මීටර 1500 ධාරිතාවයන් යුතු ජල කුළුණු 05ක් ඇතුළත්. මුළු සම්ප්‍රේෂණ නල 85 km දිගකින් යුතු අතර බෙදාහැරීම් නල 504 km කි.(18) පෙරවරු පැවැති ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට නාගරික සංවර්ධන, ඉඳිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද දෙස් විදෙස් නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහි සජබ විරෝධය අද(24)

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී...

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img