Thursday, September 24, 2026
HomeNEWSසචින් මෙන් දුනිතුත් රට වෙනුවෙන් පිටියට

සචින් මෙන් දුනිතුත් රට වෙනුවෙන් පිටියට

සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ හෙට (20) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් යළි එක්වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය පවසා සිටියේ, සිය පියාට අවසන් ගෞරව දක්වා ඔහු අද (19) රාත්‍රියේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන බවය.සිය පියාගේ අභාවය සැලවූ වහාම දුනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමග අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ආසියනු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.ලෝකප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ද 1999 වර්ෂයේදී සිය පියාගේ අවමගුල් උත්සවය අවසානයේදී එංගලන්තය බලා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පිටත්ව ගියේ ඉන්දිය කණ්ඩායම සමග එක්වීමටය. ඒ 1999 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහි සජබ විරෝධය අද(24)

ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය සහ විරෝධතාවය අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී...

ආණ්ඩුවට එරෙහිව හෙට(24) පැවැත්වෙන විරෝධතාවයෙන් FOC ඉවත්වෙයි

මාධ්‍ය ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීමේ පුළුල් මහජන පෙළගැස්ම සහ ඉදිරි ක්‍රියාමාර්ගය නිදහස් සටන් මධ්‍යස්ථානය ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත...

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ

චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගියා. ඒ...

විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබෙනවා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img