Tuesday, May 19, 2026
HomeNEWSරට යන මග වෙනස් කරලා වසරයි

රට යන මග වෙනස් කරලා වසරයි

මේ රටේ පොදු ජනතාව හැත්ත හය වසරක් ගමන් කළ මාර්ගය පැත්තක තියල හරියටම මීට දින 364 කට කලින් එනම් 2024 සැප්තැම්බර් මාසෙ 21 නව නායකත්වයක් පත්කර ගත් බවත්, ජනාධිපතිතුමාගේ ජනතාවාදී ගමන් මාර්ගය තුළ රටට අලුත් ආර්ථික, සමාජයීය, දේශපාලන පරිවර්තනයක් ගතවූ වසර තුළ නිර්මාණය වූ බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වස්නාගල – පල්ලන්ඔය අබලන්, පැරණි පාළම වෙනුවට නව පාළමක් ඉදිකිරීම සඳහා එහි වැඩ ඇරඹුම් අවස්ථාවට අද (2025.09.20) දින එක්වෙමිනි.මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලට මායිම්ව පල්ලන්ඔය – ඉඟිනියාගල මාර්ගයේ පිහිටි මෙම පැරණි, අබලන් යකඩ පාලම දිගු කලෙක පටන් අනාරක්‍ෂිත තත්ත්වයේ පැවතිණි. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් පාලමේ ඉදිකිරීම් සිදු කෙරේ. නව පාළමේ දිග මීටර් 27 ක් වන අතර, පළල මීටර් 10 කි. වැයවන මුදල රුපියල් මිලියන 129 කි. මාස 15 ක කාළයක් තුළ පාළමේ ඉදිකිරීම් අවසන් කිරීමට සැළසුම් කර ඇති අතර, ඒ අනුව 2026 වසරේ දෙසැම්බර් මාසයට පෙර ජනතාවගේ ගමනා ගමන කටයුතු සඳහා යොදාගත හැකිවනු ඇත.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා : “රජයේ ‘පුනරුදයට මඟ’ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධනය වේගවත් කර තිබෙනවා. ඒ අනුව අධීවේගී මාර්ග, මහා මාර්ග, ග්‍රාමීය මාර්ග, පාළම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල දීර්ඝ කාලයක් අබලන්ව පවතින මාර්ග නවීකරණයට ප්‍රමුඛතාවය ලබාදෙනවා. මහජන බදු මුදල් විනිවිදභාවයෙන් යුතුව, අත්‍යවශ්‍ය සේවාවලට යොදවනවා. ප්‍රාදේශීය සභාවලට හදාගන්න බැරි මාර්ග සඳහා ප්‍රතිපාදන ලබාදෙනවා. කිලෝමීටර් 112,000 ක් පමණ වන ග්‍රාමීය මාර්ග ජාලය රජයේ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ වැඩිදියුණු කරනවා. රටේ ජනතාව කාටත් මාර්ග අයිතියි. පක්‍ෂ, විපක්‍ෂ බේදයක් නැහැ. කළින් ආණ්ඩු වැඩ කළේ ඡන්ද කාලේ, ඡන්ද බලාගෙන. මේ රජය මැතිවරණ නීති පිළිපදිමින් නීතිගරුකව ඡන්ද කාලේ කටයුතු කළා. ගමට වැඩ කරන්න හරියටම බලය ලැබුණෙ පසුගිය මාසෙ 06 වෙනිදයින් පස්සෙ. පළාත් පාලන මැතිවරණයෙන් පසුව විධිමත්ව ගමට සංවර්ධන ව්‍යාපෘති ගේන්න හැකි වුණා. ගම්මු ඒකාබද්ධ වූ ග්‍රාමීය මාර්ග කමිටු සක්‍රිය කර, නිලධාරීන්ට සහ කොන්ත්‍රාත් කරුවන්ට උදව් කරමින් අධීක්‍ෂණය කරමින් ගමේ සංවර්ධනයට දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.” මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ, ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජාතික ජන බලවේගයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල රත්නායක, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත්භාර අධ්‍යක්‍ෂ (නැගෙනහිර) එම්. බී. අලියාර්, ප්‍රධාන ඉංජිනේරු (අම්පාර) ඉස්මයිල් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ ද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.- මාධ්‍ය අංශය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...

ඇමැති විජිතට බෙලරූස් ජනපති හමුවීමෙන් පසු දෙරට අතර සබඳතාවලට නව පරිච්ඡේදයක්

​අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවීමෙන් පසු මෙම සංචාරය ශ්‍රී ලංකා-බෙලරුස් සබඳතාවල "නව පරිච්ඡේදයක" ආරම්භය බව ප්‍රකාශ කරයි ​විදේශ කටයුතු, විදේශ රැකියා...

ටිල්වින් අත්අඩංගුවට ගන්නා ලෙස සුගීශ්වර ජනපති කොමිසමෙන් ඉල්ලයි

පසුගිය මැයි 01 වන දින තංගල්ල හී දි පැවැති මැයි දින රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණ මහා ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් ගල් අගුරු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img