ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් සුපර් ඕවරයේදී ජය ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා .ඉතා තියුණු තරඟයක් වශයෙන් මෙම තරගය පැවැත්වූණු අතර මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්සකදී කඩුලු පහක් දැවී ලකුණු දෙසිය පහක් ලබා ගත්තා. ඊට පිළිතුරු වශයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමද කඩුලු පහක් දැවී පන්දුවාර විස්ස අවසානයේදී ලබා ගත්තේ ලකුණු දෙසිය පහයි. ඉන් අනතුරුව සුපර් ඕවරය ක්‍රියාත්මක වූ අතර සුපර් ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු දෙකක් දැවී ලකුණු දෙකක් ලබා ගත් අතර ජයග්‍රාහී ලකුණු තුන සුපර් ඕවරයේ පළමු පන්දුවෙන්ම ලබාගැනීමට ඉන්දියාව සමත් වුණා. මෙම තරගයේදී පැතුම් නිශ්ශංක ලකුණු 107ක් ලබා ගැනීමද විශේෂත්වයකි.






















