මෙරට ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු 7 හෝටලය වන අවියානා දෙසැම්බර් මාසයේදී මුලු ලෝකයටම පණිවිඩයක් ලබාදීමට නියමිත බව අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා ප්‍රකාශ කරනවා.ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය තිසර හේවාවසම් මහතා.
ලංකාවේ තරු පහ තමයි උපරිම සීමාවේ තියෙන්නේ අපි දැකලා තියනවා ගොඩක් වෙලාවට මේ තරු පහට එහා ගිය හෝටල් ව්‍යාපෘති ලෝකයේ තියෙනවා. තරු පහේ වර්ගීකරණය කියන්නේ දැනට අවුරුදු 30 විතර පරණ දෙයක්. ඒ වර්ගීකරණය අභිබවා යන්න අද තාක්ෂණයත් එක්ක සුවිශාල හෝටල් ව්‍යාපෘති මේ තරු පහ කියන සීමාවෙන් ඔබ්බට ගිහිල්ල තියෙනවා. ඇත්තටම දැන් අපි කරන්නේ දැනට ලංකාවෙ තියෙන හෝටෙල් ව්‍යාපෘතියක් විදියට ගත්තහම ලොකුම සහ දකුණු ආසියාවේ වැඩිපුරම පහසුකම් තියෙන, ලෝකයෙනුත් සමහර වෙලාවට සමහර පහසුකම් තියෙන සුවිශේෂී ව්‍යාපෘතියක් තමයි අවියානා කියලා කියන්නේ. තරු හතේ නිර්ණායකය කියන දෙයක් ලංකාවේ පළවෙනි වතාවට හදුන්වාදෙන්නේ මේ ව්‍යාපෘතිය. තරු හතටත් එහා ගිය ව්‍යාපෘතියක් මේක. මේක ඉස්සරහට නිශ්චිත වශයෙන්ම දෙසැම්බර් මාසේ දී. මෙම හෝටලය ගැන සුවිශේෂී පුවතක් අපි මුළු ලෝකයටම ලබා දෙනවා.
මෙම ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ කරන්නේ 2018 දී. 2018 දී මේක ආරම්භ කළාට පස්සේ ගොඩක් මෙවැනි හොටෙල් ව්‍යාපෘති ආරම්භ කරල තියෙනවා. ලෝකයේ තිබෙන මෙවැනි කන්සෙප්ට් ආදර්ශයට අරගෙන. අපි දන්නවා හෝටල් කියන ව්‍යාපාරය බොහෝ ධනවතුන් අතර තියෙන ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය සාමාන්‍ය මහජනතාව අතරට එන්නේ අවියානා ව්‍යාපෘතිය හරහා. සාමාන්‍ය කෙනෙකුට මහජනතාවට අවබෝධයක් එන්නේ මෙවැනි දෙයක් අපිටත් කරන්න පුළුවන් කියලා මේ හරහා. විශාල දැනුමක් ලෝකය පුරා සහ ලංකාව පුරා පැතිරී යනවා මේ ව්‍යාපාරය ඇතුළේ රටකට ලාභයක් ලබන්න පුළුවන් කියලා. මෙවැනි ව්‍යාපෘති කළ යුත්තේ වෙනත් ආයතන විසින් උනත් අපි තමයි මේකේ බර උසුලගෙන මේවගේ තත්ත්වයකට අපි මේක ගෙනාවේ. අපි දන්න කියන චරිත රාශියක් මේක දැකල මේ ගැන අහලා විශාල හෝටල් ප්‍රමාණයක් ආරම්භ කරලා තියෙනවා ඒක අපිට විශාල ගෞරවයක් විදිහට අපි සලකනවා.අපේ රටේ ආයෝජන විවිධාකාරයෙන් තියෙනවා කෙනෙක් යම්කිසි මුදලක් උපයලා ඔහුටට අවශ්‍ය මුදල වියදම් කරලා ඉතිරි මුදල අපි හැමෝම ප්‍රතිපත්තියක් විදිහට ඉතිරි කරනවා. ඒකෙන් තමයි අපි යමක් කමක් අපේ අවශ්‍යතා සපුරා ගන්න අවස්ථාව හිමිවෙන්න. ඕනෙම කෙනෙක් කැමතියි තමන් අතේ තියෙන මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබාගන්න. ඒ හා සැකසුණු ලංකාවේ විවිධ ආයතන තියෙනවා බැංකු, මූල්‍ය කාර්මික වෙළඳපල, භාණ්ඩාගාර බිල්පත්, කොටස් වෙළඳපල ඒ වගේ ආයෝජන අවස්ථාවන් රාශියක් ලංකාවේ තියෙනවා. මීට අමතරව තියෙන ක්‍රමයක් තමයි කෙනෙක් ඉඩමක් අරගෙන ටික කාලයක් ගියාට පස්සේ වැඩි මුදලකට විකුනන්න පුළුවන් කියන අදහස. මීළඟ අලූත් අදහස තමයි දේපල වෙළඳාම් ක්ෂේත්රයේ බිල්ඩින් එකක් හදලා ඒක රෙන්ට් එකට දීල ඒකෙන් යම් ආදායමක් ලබා ගැනීම. මේ ක්‍රම දෙකත් එක්තරා විදිහක මිනිස්සු පාවිච්චි කරන ක්‍රම දෙකක් තමයි අතිරේකව තියෙන මුදල වර්ධනය කරගන්න. ඒ වගේ අයට අපි අලුත් මාවතක් පෙන්නුවා සාමාන්‍ය කෙනෙක් ඉඩමක් අරගෙන ගෙයක් හදලා ඒකරෙන්ට් එකට දීල ලැබෙන ආදායමට වඩා ඉඩමක් තුළ හෝටල් එකක් හදලා හොටෙල් එකෙන් ලැබෙන ආදායම වැඩියි කියලා. අපි දැකපු ප්‍රධාන කාරණය තමයි මේක. මේ කාරණය ප්‍රයෝජනයට අරගෙන තමයි අපි අවියානාහි ආයෝජනය කරන්න මිනිස්සුන්ට අවස්ථාව සලසා දුන්නේ. ඒ අනුව අපි ලංකාවේ ඉන්න ආයෝජකයින්ට මේ ව්‍යාපෘතියේ ආයෝජනය කරන්න අවස්ථාව ලබා දුන්නා. මිලියන දෙකේ ඉඳලා ඕනෙම කෙනෙකුට අවියානා දේපලක් මිලදී අරගෙන ඒකෙ ප්රතිලාභ ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදල තියෙනවා. දැනට මං හිතන්නේ අපිට ආයෝජකයන් පන්සීයක් විතර ඉන්නවා. තවත් ටික දෙනෙකුට පමණයි ඒකෙ අවස්ථාව තියෙන්නේ. ඊට හේතුව දැනට ගොඩක් වැඩකටයුතු අවසන් වේගෙන යන නිසා. සාමාන්‍යයෙන් යොදන මුදලට සාපේක්ෂව අවුරුද්දකට 20% පොලියක් ආදායමක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා. අනිත් ආයතන වලට මේක අභියෝගයක්. බැංකු පද්ධති තුල හෝ අනෙකුත් සියලු පද්ධති තුළ ලොකූ ගැප් එකක් නිර්මාණය වෙලා තියෙනවා මේ අතර.අපි මේ ආයෝජනය වෙනුවෙන් දෙන ඔප්පුව සින්නක්කර ඔප්පුවක්. ඒක වලංගු ඔප්පුවක් ලංකාවේ තියෙන ආරක්ෂිතම ක්‍රමයකට තමයි ඔප්පු ලබාදෙන්නේ. ලංකාවේ තියෙන හොඳම ආයෝජන ක්‍රමය තමයි අවියනා කියලා කියන්නේ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන සහ ඉතාමත් ස්ථාවරව කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් තමයි අවියානා කියලා කියන්නේ. ඉතාමත් සීමත ආයොජන ප්‍රමණයක් පමණක් ඉතිරිව ඇති මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කරන්න අපි ඔබට ආරාධනා කරනවා.





























