Wednesday, November 25, 2026
HomeNEWSතාජුඩීන් ගැන නාමල් කියන්නේ මොකක්ද?

තාජුඩීන් ගැන නාමල් කියන්නේ මොකක්ද?

තජූඩීන්’ ගැන නාමල්ගෙන් ප‍්‍රකාශයක්…රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.මන්ත්‍රීවරයා අවධාරණය කළේ, 2015 වසරේ සිට හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවයි.ඔහු පෙන්වා දුන්නේ, තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට OIC ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බවත්, එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවත්ය.මීට අමතරව, හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්ෂි කියන්න බලපෑම් කළ බවට පොලිසියේ නිලධාරියෙක් අධිකරණයට දැනුම් දී ඇති බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදා ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු මාධ්‍යයට දැක්වීම වෙනුවට, එම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතු බවයි. කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනැගීමට ඇති උමනාව බවද ඔහු සඳහන් කළේය.රාජපක්ෂ මහතා ආණ්ඩුවට සහ පොලීසියට දැඩිව කියා සිටියේ, සියලු කාරණා ගැන අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙසයි.තජුඩින් නඩුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයටම, යම්කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා යැයි හඳුනාගත්තා නම්, ඇයගේ ස්වාමි පුරුෂයා කවුද, ඇය පසුගිය දිනවල කොහේද ජීවත් වුණේ, කා සමඟද සිටියේ, කවුරුන් ඇසුරු කළේද යන කාරණා ආණ්ඩුව සහ පොලිසිය සොයා බැලිය යුතු බවයි.මෙම තඩුඩීන් නඩුව දේශපාලන වේදිකාවක් නිර්මාණය කරගන්න මහන්සි නොවී, යම්කිසි අසාධාරණයකට ලක්වී ඇත්නම් ඒ පිළිබඳව සාධාරණව අපක්ෂපාතීව පරීක්ෂණයක් කළ යුතු බවත් එසේ නොකළහොත් එය යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගැනීමට සහ ආණ්ඩුවේ දේශපාලන වාසිය හා අවස්ථාව ඉෂ්ට කරගැනීමට කරන දෙයක් බවටද ඔහු චෝදනා කළේය.ඔහු සඳහන් කළේ, ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන විට, ප්‍රශ්නවලට උත්තර නැති වන විට, එම ප්‍රශ්නය යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරන බවයි.එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ වෙනත් පුද්ගලයෙක් වේවා, ආණ්ඩුවේ උමනාව මත බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොත්, අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශන නිකුත් කිරීමට ලෑස්ති වුවහොත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...

හිටපු ඇමති ජොන්ස්ටන්ට රු130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා තුනකට වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට රු.130,000 ක දඩයක් සහ මාසයක බරපතල වැඩසහිත සිරදඬුවම වසර...

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත්ගේ සහාය

කාන්තා හිංසනයට එරෙහි ගෝලීය වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහාය කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම...

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට ප්‍රහාරයක්

රියාද් හි පිහිටි සෞදි මහජන ආයෝජන අරමුදලේ මූලස්ථානයට යේමනයේ හූති කැරලිකරුවන් විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 11 දෙනෙකුට තුවාල.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img