Wednesday, May 20, 2026
HomeNEWSවිමල්ට යළිත් තංගල්ල පොලිසියෙන් කැඳවීමක්

විමල්ට යළිත් තංගල්ල පොලිසියෙන් කැඳවීමක්

යළි තංගල්ල පොලිසිය වෙත පැමිණ අද (12) දිනයේදී ප්‍රකාශයක් ලබාදෙන්නැයි, ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට පොලිසිය දැනුම් දී තිබෙනවා.කෙසේ වෙතත්, අද දිනයේ පැමිණීමට නොහැකි බව පොලිසියට දැනුම් දුන් බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේ.ඒ අනුව, ඉදිරි දිනයකදී පොලිසියට පැමිණෙන බව දැනුම් දුන් බවත් ඔහු කියා සිටියා.මේ අතර, “පුවක්දණ්ඩාවේ සනා” නමැති පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට තමා ලබා දුන් ප්‍රකාශය විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන අතර අධිකරණ ක්‍රියාමාර්ගද ගන්නා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.ඔහු මේ බව සඳහන් කළේ සිය ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දැක්වීමට කොළඹ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සනත් වීරසිංහ හෙවත් පුවක්දණ්ඩාවේ සනා නමැත්තාගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පසුගියදා අදහස් පළ කර තිබුණා.ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කළ කැඳවීමකට අනුව විමල් වීරවංශ පසුගියදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට පැමිණ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.එවැනි පසුබිමක හිටපු අමාත්‍ය විමල් වීරවංශ එම ප්‍රකාශයේදී පිළිතුරු ලබාදුන් ආකාරය දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කළේ පෙරේදා දිනයේයි.ඒ අනුව පුවක්දණ්ඩාවේ සනා නමැත්තාව තමා කිසිදිනෙක හමුවී නොමැති බවත්, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන නොමැති බවත් විමල් වීරවංශ පවසා ඇතැයි එහි සඳහන් වුණා.එමෙන්ම, මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු පුවක්දණ්ඩාවේ සනා බව තමා පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණ කළ කරුණු මත බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා ඇතැයි එම නිවේදනයේ ප්‍රකාශ කර තිබුණා.දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img