Thursday, May 21, 2026
HomeNEWSසෙව්වන්දියකට පෙම්බැන්දේ නොමැති බව නාමල් කියයි

සෙව්වන්දියකට පෙම්බැන්දේ නොමැති බව නාමල් කියයි

තමා පෙම්බැන්දේ සෙව්වන්දිට නොවන බවත් තමා පෙම්බැන්දේ ලිමිණිට බවත් තමාට දරුවන් දෙදෙනෙකු සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. මෙහිදී මාධ්‍යවේදීන් ඉරේෂා සෙව්වන්දි පිළිබඳව විමසමින් සෙව්වන්දියකට පෙම්බැන්දේ ද යන්න නාමල්ගෙන් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.ඊට අමතරව පාතාලය සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මෙහිදී අදහස් ප්‍රකාශ කළා.”පාතාලයට සම්බන්ධ පිරිස් පිළිබඳව පොලිසිය සොයාබැලිය යුතුයි. එය පොලිසියේ වගකීමක්. නමුත් පාතාලයට සම්බන්ධ පිරිස් රටෙන් පිටුවීම සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු කළ යුතුයි. පොලිසිය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා,පාස්පෝට් දාහතක් හොරාට හදාගෙන කට්ටියක් පිට රට ගිය බව. පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිතුමා කිව්වේ ලේකම් කෙනෙක් පාස්පෝට් දාහතක් හොරාට හදාගෙන ගිහිල්ලා කියලා. එතකොට කවුද මේ ලේකම්? කවුද පොලිසිය භාර ඇමතිතුමාට මේ තොරතුරු දුන්නේ. එතකොට පොලිසිය භාර ඇමතිතුමාට වගකීමක් තියෙනවා වහාම මේ පිළිබඳව රටට හෙළි කරන්න.මේ ගිය පිරිස අය අතරත් පාතාලයේ කට්ටිය ඉන්න ඇති. ඒ නිසා පොලිසිය භාර නියෝජ්‍ය ඇමතිතුමා මේ ගැන අවධානය යොමු කරන්න ඕන. ඊට අමතරව කන්ටේනර් 323 පැන්නූ විදියට පාතාලයේ කට්ටියකුත් පිටරට පැන්නුවාද යන ප්‍රශ්නය මේ අවස්ථාවේදී මතු වෙනවා.මේ ආණ්ඩුව අද කරන්නේ ඔවුන් පොකට් ගහලා රාජපක්ෂවරුන්ගේ පස්සේ පන්නන එක. මේ ආණ්ඩුවේ පොකට් ගහන අය ගැන ඉදිරියේදී රටත් සමාජයත් දැනගනීවි.අධිකරණ නියෝග පිළිගන්න එපැයි කියන මට්ටමට ආණ්ඩුවේ සමහරුන් අද පත්වෙලා ඉන්නවා. ඒකෙන්ම පේනවා, සිස්ටම් චේන්ජ් එක නම් හොඳටම වෙලා තියෙනවා “කියලා යනුවෙන්ද නාමල් රාජපක්ෂ වැරදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img