Tuesday, September 22, 2026
HomeNEWSඅල්ලස් කොමිසමත් පුදුම කළ වජිරගේ බැංකු ගිණුම් කතාව

අල්ලස් කොමිසමත් පුදුම කළ වජිරගේ බැංකු ගිණුම් කතාව

ඒක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතාට කිසිදු බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබේ.මෙම තොරතුර වාර්තා වූයේ මෑතක දී කොළඹ නගරයේ පැවති අවමංගල අවස්ථාවකදී ඇති වූ සාකච්ඡාවක් අතරතුරය.අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ දේශපාලනඥයන් පිරිසක් අතර මාතෘකාව වූයේ අල්ලස් කොමිසම පිළිබඳවයි.වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ තමන්ට ද අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබුණු බවත්, ප්‍රශ්න කිරීම්වලදී තමන් බැංකු ගිණුමක් නොමැති බව පැවසූ විට නිලධාරීන් පුදුමයට පත් වූ බවත් ය.එම නිලධාරීන් තමන්ගෙන් ඊට හේතුව විමසූ විට, “මට ගැටලුවක් නැතිනම් ඔබලා ඵය ගැටලුවක් කර නොගත යුතුයි” යනුවෙන් තමන් පිළිතුරු දුන් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.වජිර අබේවර්ධන මහතාගේ මෙම කතාවට අවට සිටි බොහෝ දෙනකු සිනාසුණහ.“ඇත්තටම වජිර මන්ත්‍රීතුමාට බැංකු ගිණුමක් නැද්ද?” යනුවෙන් එහි සිටි කිහිප දෙනෙක්ම විමසා ඇත.එයට පිළිතුර වී ඇත්තේ “ඇත්තටම නෑ” යන්නයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img