Thursday, May 21, 2026
HomeNEWSදශක දෙකක ඩී. එස්. සේනානායක විද්‍යාලයීය අභිමානය‘නින්නාද‘

දශක දෙකක ඩී. එස්. සේනානායක විද්‍යාලයීය අභිමානය‘නින්නාද‘

දශක දෙකක ඩී. එස්. සේනානායක විද්‍යාලයීය අභිමානය‘නින්නාද‘ප්‍රබුද්ධ මාධ්‍යකරණයක් උදෙසා අංකුර මාධ්‍යවේදියන් බිහිකරනු වස් පිහිටවූ සේනානායකීය ජනමාධ්‍ය කවය වසර 33ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියා පායි.මුල් අවධියේ විද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය හා ඒකාබද්ධව ඇරැඹි මාධ්‍ය කවය,පසුකාලීනව ස්වාධීන සංගමයක් වශයෙන් 1992 වර්ෂයේ එවකට විදුහල්පති බන්දු කොඩිකාර මහතාගේ මග පෙන්වීම යටතේ ආරම්භ විය.කනිෂ්ක ප්‍රේමතිලක අයියාගේ සභාපතිත්වයෙන් ආරම්භ වූ සේනානායකීය ජනමාධ්‍ය කවය,පුරා වසර තිස්තුනක් අභියෝග,ජයග්‍රහණ හා බාධක මැදින් ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී මාධ්‍යවේදීන් ගණනාවක් බිහිකළ සුවිශේෂී තෝතැන්නක් බව සඳහන් කළ හැක.1997 වර්ෂයේ දී “නින්නාද“ නමින් ආරම්භ වුණු ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය වසර කිහිපයක් පුරාවට සාර්ථකව විදුහල් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.ඉන් අනතුරුව 2005 වර්ෂයේ දී සේනානායකීය මාධ්‍ය සංදර්භයෙහි තවත් එක් සන්ධිස්ථානයක් පිහිටුවමින් සමස්ත ලංකාව පුරා විසිරී සිටින පාසල් ජනමාධ්‍යවේදීන් උදෙසා නින්නාද ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලිය ආරම්භ විය.එමෙන්ම 2000 වර්ෂයේ දී පාසල් මාධ්‍ය කවයක් මගින් ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කළ ත්‍රෛමාසික,ත්‍රෛභාෂික පුවත්පත වශයෙන් “සියපත“ ආරම්භ විය. 2022 වර්ෂයේදී සේනානායකීය ජන මාධ්‍ය කවය දුෂ්කර පළාත්වල පාසල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පාසල් ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහනක් “සෙන්පති අතහිත“ ලෙසින් ආරම්භ විය.2023 වර්ෂයේදී සේනානායකීය අංකුර මාධ්‍යවේදීන් වෙනුවෙන් “සමාරම්භ“ නමින් වැඩමුළු මාලාවක් සමගින් අභ්‍යන්තර පාඨශාලීය තරගාවලියක් ආරම්භ කෙරිණි.ඒ අනුව මේ වනවිටත් වර්ෂිකව ජනමාධ්‍ය කවයේ වැඩසටහන් මාලාව ඉහත සිව්වැදෑරුම් වැඩසටහන් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වෙයි.හුදෙක් නිවේදනයට පමණක් සීමා නොවී,යාවත්කාලීන වන තාක්ෂණය සමඟින් ඉදිරියට යන සේනානායකීය ජනමාධ්‍ය කවය,පාසල් ජනමාධය ක්ෂේත්‍රය තුළ ප්‍රභල භූමිකාවක් නිරූපණය කිරීමට සමත් වී ඇත.පාසල තුළ උදෑසන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයේ පටන්, පාසල අවසන් වන තෙක්ම හා ඉන් ඔබ්බටත් සියලුම ආකාරයේ සංවිධාන කටයුතු මෙහෙයවමින්,ඊට අවශ්‍ය සියලුම ආකාරයේ නිවේදන හා මාධ්‍ය සහය ලබාදීමට සේනානායකීය ජනමාධ්‍ය කවය සමත් වී ඇත.කොළඹ මහානාම විද්‍යාලය සමඟ වාර්ෂිකව පවත්වනු ලබන “රන් මහා සටන” ක්‍රිකට් තරගාවලිය, 2023 වර්ෂයේ හදමඑමඉැ මාධ්‍ය ජාලය හරහා සජීවී විස්තර විචාරයක් ලෙස ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ලබා දුන් අප ජනමාධ්‍ය කවය,2024 වර්ෂයේදී එය සජීවි තරග විකාශයක් දක්වා ඔසවා තැබුවෙමු. ඉන් අනතුරුව 2025 වර්ෂයේදී සජීවී ගුවන් විදුලි විස්තර විචාරයට සමගාමීව සජීවී තරග විකාශයක්ද සමඟින් ශ්‍රව්‍ය දෘෂ්‍ය යන මාධ්‍ය දෙකෙන්ම,රන් මහා සටනේ පූර්ණ සජීවී විකාශයක් ඉදිරිපත් කිරීමට අප සමත් වූයෙමු. පාසල තුළ මෙන්ම පාසලෙන් ඔබ්බටත් විවිධ සංවිධාන කටයුතු මෙන්ම මාධ්‍ය කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන ඩී.ඇස් සේනානායක විද්‍යාලීය ජනමාධ්‍ය කවය කෙටි වීඩියෝ පට සහ කෙටි චිත්‍රපට නිර්මාණය, විවිධ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය නිෂ්පාදන සහය, ග්‍රාෆික නිර්මාණකරණය, ආලෝකකරණය වැනි නිවේදන කටයුතුවලින් ඔබ්බට ගිය ඉතා පුළුල් වපසරියක පැතිරුණු මාධ්‍ය කටයුතු රාශියක් ද සිදු කරයි.ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයට අංකුර මාධ්‍යවේදීන් සොයා ගනු වස් ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය මගින් සංවිධානය කරන අන්තර් පාඨශාලීය ත්‍රෛ භාෂා මාධ්‍ය දින තරගාවලිය දශක දෙකක් පුරාවට අභිමානවත් සන්ධිස්ථානයක් පිහිටුවා ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සංවිධානය කෙරෙන තරගාවලිය මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ අංශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඩ කැවීම, ක්‍රීඩා විස්තර විචාරය, ප්‍රවෘත්ති සංස්කරණය, ග්‍රාෆික නිර්මාණකරණය, ඡායාරූපකරණය, තාක්ෂණික අංශය යන ක්ෂේත්‍ර ඔස්සේ තරගමාලා පැවැත්වෙයි. 2024 වර්ෂයේ සිටි හොඳම මාධ්‍ය පෞරුෂත්වයට පිරිනැමෙන ආර්. අයි. ටී අලස් අනුස්මරණ ශූරතා පලිහ හුදෙක් නිවේදනයම පමණක් නොව සංස්කරණය, නිෂ්පාදනය ඇතුළු සියලු නිර්මාණාත්මක කුසලතා කැටිකරගත් පාසල් අංකුර මාධ්‍යවේදියාට පිරිනමයි. විසි වසරක් පුරාවට අභිමානයෙන් යුතුව පවත්වන නින්නාද මාධ්‍ය දින තරගාවලිය මෙවරත් 2025 අගෝස්තු 25 දින විද්‍යාලීය පරිශ්‍රයේදී විනිශ්චයකරුවන් ලෙස මාධ්‍යවේදීන් 50කට අධික ප්‍රමාණයක් සහ තරගකරුවන් ලෙස අංකුර පාසල් ජනමාධ්‍යවේදීන් 2500කට ආසන්න සංඛ්‍යාවක් සමඟ අති සාර්ථක ලෙස පැවැත්විණි. ඒ අනුව එම තරගාවලියේ ජයග්‍රහකයන්ට ත්‍යාග ලබා දෙනු වස් සිදු කරනු ලබන නින්නාද මාධ්‍ය දින උත්සවය නොවැම්බර් මස 7 වන දින අරලියගහ මන්දිරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සූදානම්. ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය ශ්‍රී ලංකා ජනමාධ්‍ය සන්දර්භයේ ප්‍රගමනය උදෙසා තවත් විශිෂ්ට අංකුර මාධ්‍යවේදීන් ලක්මාතාවට බිහිකරනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img