Thursday, November 6, 2025
HomeNEWSවතිකානු විදේශ අමාත්‍ය ගැලගර් හිමිපාණන් අද දිවයිනට

වතිකානු විදේශ අමාත්‍ය ගැලගර් හිමිපාණන් අද දිවයිනට

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිනීමට නියමිතව තිබේ.ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වීමටද නියමිතය.ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදුකරනු ඇත.මෙම සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද හමුවීමට නියමිත අතර විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග නිල සාකාච්ඡාද පැවැත්වීමට නියමිතය.රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක්ද කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වෙන අතර එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශණයක්ද පැවැත්වීමට නියමිතය.2019 වසරේ එල්ලවූ පාස්කු ඉදිරිදා ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ දේවස්ථාන ඇතුළු රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත්කමක් ඇති ස්ථාන නැරඹීමටද ඒ හිමියන්ගේ මෙරට සංචාරයට ඇතුළත් වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමාව බලය ලබාගත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරාදයි

ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය...

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර...

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img