රියාද් හි 26 වැනි UNWTO මහා සභා රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහභාගි වේ. එහිදී සෞදි අරාබියේ කළ සංචාරයේදී ඵරට විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට විදේශ අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයාට හැකි වූ අතර එම සාකච්ඡාවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය Xගිණුමේ දැක්වූ සටහන පහත සඳහන් වේ.
රියාද්හි 26 වන UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා සෞදි අරාබියට කළ සංචාරයේදී අද දින සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සමඟ මම ඵලදායී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වුවෙමි. අපගේ ද්විපාර්ශ්වික දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ක්‍රම සහ විධි අපි සාකච්ඡා කළෙමු. ශ්‍රී ලංකාවේ වත්මන් ආයෝජන හිතකාමී පරිසරය පිළිබඳව මම විස්තර කළ අතර විවිධ අංශවල රට තුළ විහිදෙන ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගන්නා ලෙස සෞදි පෞද්ගලික අංශයට ආරාධනා කළෙමි. මගේ සංචාරයේදී දෙරටේ වාණිජ මණ්ඩල සම්මේලනයන් අතර ස්ථාපිත කිරීමට නියමිත පළමු ව්‍යාපාරික කවුන්සිලය ද මම ඉස්මතු කළ අතර එය දෙරට අතර පෞද්ගලික අංශයේ අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. පලස්තීන ගැටලුවට කල් පවතින විසඳුමක් සොයා ගැනීම සඳහා සෞදි අරාබියේ ප්රමුඛ කාර්යභාරයට ප්‍රශංසා කරන අතරම, පලස්තීන කාරණයට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සහ නොසැලෙන සහයෝගය මම නැවත තහවුරු කළෙමි. මගේ හමුවීමේදී, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා සෞදි තැපෑල විසින් නිකුත් කරන ලද සමරු මුද්දර සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිල වශයෙන් භාර දෙන ලදී.























