Friday, May 22, 2026
HomeNEWSතාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළේ මෙවර අයවැයෙන්

තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළේ මෙවර අයවැයෙන්

තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද (11දා) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී සමාජවාදී තරුණ සංගමය කැදවා තිබූ මාධ්‍ය හමුවේ දීය.වත්මන් ආණ්ඩුව මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සදහා ද විසදුම් ලබාදෙමින් සිටින බවත්, ඒ අනුව මේ වන විට ගැසට් කර ඇති රජයේ රැකියා පුරප්පාඩු 68,000ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට අනුමැතිය හිමිව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා,ලංකාවේ අයවැය 80ක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ අයවැයවලින් වෙන් වෙලා තිබුණේ ඇති හැකි අය වෙනුවෙන්. මේ රටේ දුප්පත්, පීඩිත ශ්‍රමය වැය කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ජාතික ජනවලවේගයේ දෙවන අයවැය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. 2025 දී තිබුණා ජාතික ජනබලවේගය මොන දිශානතියට ද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉගියක්. ඒක අපිට සෞඛ්‍ය හා ආරක්ෂක වියදම් සසදලා බැලුවම හොදින් පෙනුණා. අධ්‍යාපනය ගත්තම 2023 රුපියල් 2023 රුපියල් මිලියන 232, 2024 රුපියල් මිලියන 234 ක් 2025 අයවැය තුළ අධ්‍යාපනයට රුපියල් මිලියන 301ක් වෙන් කරලා තියෙනවා. මෙය සංවර්ධන අයවැයක්. මේ අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්තිය මත පිහිටපු අයවැයක්.මේ අයවැය තරුණයන්ට වැදගත් වෙන ආකාරය. ගියවර අයවැයෙන් තරුණයන් වෙනුවෙන් වෙන් වුණේ රුපියල් මිලියන 12,100යි. මෙවර අයවැයෙන් තරුණයන් වෙනුවෙන් රුපියල් මිලියන 13,500ක් වෙන් වෙලා ‍තියෙනවා. ජාතික තරුණ සේවා සභාව ගත්තම ගියවර රුපියල් මිලියන 600යි වෙන් වෙලා තිබුණේ. මෙවර රුපියල් මිලියන 970ක් වෙන් කරලා තියෙනවා. තරුණයන් වෙනුවෙන් පවතින මූලික ආයතනය වෙනුවෙන් එවැනි මුදලක් වෙන් වෙලා තියෙනවා. මේ අයවැය සෙසු ක්ෂේත්‍ර අරන් බැලුවමත් තරුණයින් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙන බව පේනවා. කෘෂි ව්‍යවසායකයින් ගොඩනැගීම වෙනුවෙන් මුදල් වෙන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිපුණතා සංවර්ධනය හා වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 20,200ට වැඩි මුදලක් වෙන් වෙලා තියෙනවා. සමස්තයක් ලෙස අරන් බැලුවම තරුණයින් වෙනුවෙන් නිශ්චිතව අරන් බැලුම රුපියල් මිලියන 15,000කට වැඩි මුදලක් වෙන් වෙලා තියෙන බව පේනවා. තරුණයන්ගේ ජීවිත පැත්තෙන් බැලුවම මේ අයවැය සුවිශේෂියි.වසර කිහිපයක් සංසන්දනය කරලා බැලුවම තරුණයන් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරපු අවුරුද්ද තමයි ගිය වසර. එය ඉක්මවා ගොස් තවත් මුදල් වෙන් කරලා තියෙනවා මේ වසරේ. ඒ වගේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම පිළිබදවත් මේ ආණ්ඩුව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. 68,000කට වැඩි රජයේ රැකියා ප්‍රමාණයක් ලබාදීමට අනුමැතිය හිමිවෙලා තියෙනවා. ඒ වගේම දැන් පැරණි ක්‍රමයට රැකියා ලබාදෙන්නේ නෑ. පුරප්පාඩු අනුව තමයි රැකියා ලබාදෙන්නේ. එය විධිමත් ක්‍රමවේදයකට අනුව තමයි කරන්නේ. ගුරු වෘත්තියට බදවා ගැනීමේ ගැටලුවලටත් විසදුම් ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම දැනට ගැසට් කරලා තියෙන රජයේ රැකියා 62,000ක ප්‍රමාණයෙන් 10,000කට වැඩි ප්‍රමාණයක් උපාධිධාරීන් සදහා වන තනතුරුවලට අදාළ රැකියා. එහෙම බැලුවම මෙය ජනතාවාදී අයවැයක් ලෙස හදුන්වන්න පුළුවන්.සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා පැවසුවේ, මෙම අයවැය සියලු සීමාවන් යටතේ සංවර්ධන ඉලක්ක කරා ගමන් ගන්නා ආකාරය පෙන්වා ඇති අයවැයක් බවයි. පසුගිය වසරට සාපේක්ෂව අයවැය හිගය අවම කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. බංකොලොත් රටක් භාරගෙන, විපක්ෂයට සාධාරණ විවේචනයක් පවා නොමැති අයවැයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇති බව ද ඔහු සදහන් කළේය. මෙම අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල පිළිබදව සතුටට පත් වන බවත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද වැදගත් තීන්දු ගෙන ඇති බව ද ඔහු සදහන් කළේය.වැඩිදුරටත් අදහස් දැක්වූ අංජන සම්පත් අමරසිංහ සහෝදරයා,මෙවර අයවැයේ ප්‍රධාන විශේෂය තමයි අයවැයි හිගය තවදුරටත් අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබීම. මේ ආණ්ඩුව පත්වෙද්දි විපක්ෂය විවිධ දේවල් කිව්වා. නමුත් අද වෙද්දි ඒ සියල්ල බොරු බවට පත්වෙලා තියෙනවා. වත්මන් ආණ්ඩුව ඉතාම හොදින් , සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා. විපක්ෂයට කට උත්තර නැතිවෙන්න පුරවැසියා ගැන හිතපු අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය තරුණයන් ගැන හිතපු අයවැයක්.විශේෂම දේ මෙවර අයවැයෙන් අයවැය හිගය තවදුරචටත් අවම කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීලා තියෙනවා. ඊට අදාළව මුදල් වෙන් කරලා තියෙනවා. උසස් අධ්‍යාපනය හදාරන්න පුද්ගලික විශ්ව විද්‍යාලවලට පිවිසෙන දරුවන්ට ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වෘත්තිය අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළත් වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් ඉඩ වෙන් කරලා තියෙනවා.මෙම මාධ්‍ය හමුවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානි රත්නායක සහෝදරිය ද සහභාගී විය. 11.11.2025මාධ්‍ය නිවේදනයයිමෙරට තාරුණ්‍ය වෙනුවෙන් වැඩිම මුදල වෙන් කළ අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවත්, වත්මන් ආණ්ඩුවේ 2026 අයවැය ජනතාවාදී අයවැයක් බවත් සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද (11දා) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී සමාජවාදී තරුණ සංගමය කැදවා තිබූ මාධ්‍ය හමුවේ දීය.වත්මන් ආණ්ඩුව මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සදහා ද විසදුම් ලබාදෙමින් සිටින බවත්, ඒ අනුව මේ වන විට ගැසට් කර ඇති රජයේ රැකියා පුරප්පාඩු 68,000ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මේ වන විට අනුමැතිය හිමිව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.සමාජවාදී තරුණ සංගමයේ අධ්‍යාපන ලේකම් මහේෂ් අඹේපිටිය සහෝදරයා,ලංකාවේ අයවැය 80ක් ක්‍රියාත්මක වෙලා තිබුණා. ඒ අයවැයවලින් වෙන් වෙලා තිබුණේ ඇති හැකි අය වෙනුවෙන්. මේ රටේ දුප්පත්, පීඩිත ශ්‍රමය වැය කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කරපු අයවැයක් තමයි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ. ජාතික ජනවලවේගයේ දෙවන අයවැය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. 2025 දී තිබුණා ජාතික ජනබලවේගය මොන දිශානතියට ද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉගියක්. ඒක අපිට සෞඛ්‍ය හා ආරක්ෂක වියදම් සසදලා බැලුවම හොදින් පෙනුණා. අධ්‍යාපනය ගත්තම 2023 රුපියල් 2023 රුපියල් මිලියන 232, 2024 රුපියල් මිලියන 234 ක් 2025 අයවැය තුළ අධ්‍යාපනයට රුපියල් මිලියන 301ක් වෙන් කරලා තියෙනවා. මෙය සංවර්ධන අයවැයක්. මේ අයවැය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්තිය මත පිහිටපු අයවැයක්.මේ අයවැය තරුණයන්ට වැදගත් වෙන ආකාරය. ගියවර අයවැයෙන් තරුණයන් වෙනුවෙන් වෙන් වුණේ රුපියල් මිලියන 12,100යි. මෙවර අයවැයෙන් තරුණයන් වෙනුවෙන් රුපියල් මිලියන 13,500ක් වෙන් වෙලා ‍තියෙනවා. ජාතික තරුණ සේවා සභාව ගත්තම ගියවර රුපියල් මිලියන 600යි වෙන් වෙලා තිබුණේ. මෙවර රුපියල් මිලියන 970ක් වෙන් කරලා තියෙනවා. තරුණයන් වෙනුවෙන් පවතින මූලික ආයතනය වෙනුවෙන් එවැනි මුදලක් වෙන් වෙලා තියෙනවා. මේ අයවැය සෙසු ක්ෂේත්‍ර අරන් බැලුවමත් තරුණයින් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙන බව පේනවා. කෘෂි ව්‍යවසායකයින් ගොඩනැගීම වෙනුවෙන් මුදල් වෙන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම නිපුණතා සංවර්ධනය හා වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් මිලියන 20,200ට වැඩි මුදලක් වෙන් වෙලා තියෙනවා. සමස්තයක් ලෙස අරන් බැලුවම තරුණයින් වෙනුවෙන් නිශ්චිතව අරන් බැලුම රුපියල් මිලියන 15,000කට වැඩි මුදලක් වෙන් වෙලා තියෙන බව පේනවා. තරුණයන්ගේ ජීවිත පැත්තෙන් බැලුවම මේ අයවැය සුවිශේෂියි.වසර කිහිපයක් සංසන්දනය කරලා බැලුවම තරුණයන් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරපු අවුරුද්ද තමයි ගිය වසර. එය ඉක්මවා ගොස් තවත් මුදල් වෙන් කරලා තියෙනවා මේ වසරේ. ඒ වගේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම පිළිබදවත් මේ ආණ්ඩුව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. 68,000කට වැඩි රජයේ රැකියා ප්‍රමාණයක් ලබාදීමට අනුමැතිය හිමිවෙලා තියෙනවා. ඒ වගේම දැන් පැරණි ක්‍රමයට රැකියා ලබාදෙන්නේ නෑ. පුරප්පාඩු අනුව තමයි රැකියා ලබාදෙන්නේ. එය විධිමත් ක්‍රමවේදයකට අනුව තමයි කරන්නේ. ගුරු වෘත්තියට බදවා ගැනීමේ ගැටලුවලටත් විසදුම් ලබාදෙන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම දැනට ගැසට් කරලා තියෙන රජයේ රැකියා 62,000ක ප්‍රමාණයෙන් 10,000කට වැඩි ප්‍රමාණයක් උපාධිධාරීන් සදහා වන තනතුරුවලට අදාළ රැකියා. එහෙම බැලුවම මෙය ජනතාවාදී අයවැයක් ලෙස හදුන්වන්න පුළුවන්.සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ සහෝදරයා පැවසුවේ, මෙම අයවැය සියලු සීමාවන් යටතේ සංවර්ධන ඉලක්ක කරා ගමන් ගන්නා ආකාරය පෙන්වා ඇති අයවැයක් බවයි. පසුගිය වසරට සාපේක්ෂව අයවැය හිගය අවම කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. බංකොලොත් රටක් භාරගෙන, විපක්ෂයට සාධාරණ විවේචනයක් පවා නොමැති අයවැයක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී ඇති බව ද ඔහු සදහන් කළේය. මෙම අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල පිළිබදව සතුටට පත් වන බවත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද වැදගත් තීන්දු ගෙන ඇති බව ද ඔහු සදහන් කළේය.වැඩිදුරටත් අදහස් දැක්වූ අංජන සම්පත් අමරසිංහ සහෝදරයා,මෙවර අයවැයේ ප්‍රධාන විශේෂය තමයි අයවැයි හිගය තවදුරටත් අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබීම. මේ ආණ්ඩුව පත්වෙද්දි විපක්ෂය විවිධ දේවල් කිව්වා. නමුත් අද වෙද්දි ඒ සියල්ල බොරු බවට පත්වෙලා තියෙනවා. වත්මන් ආණ්ඩුව ඉතාම හොදින් , සැලසුම් සහගතව කටයුතු කරමින් ඉන්නවා. විපක්ෂයට කට උත්තර නැතිවෙන්න පුරවැසියා ගැන හිතපු අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය තරුණයන් ගැන හිතපු අයවැයක්.විශේෂම දේ මෙවර අයවැයෙන් අයවැය හිගය තවදුරචටත් අවම කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීලා තියෙනවා. ඊට අදාළව මුදල් වෙන් කරලා තියෙනවා. උසස් අධ්‍යාපනය හදාරන්න පුද්ගලික විශ්ව විද්‍යාලවලට පිවිසෙන දරුවන්ට ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වෘත්තිය අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළත් වෘත්තිය අධ්‍යාපනය වෙනුවෙන් ඉඩ වෙන් කරලා තියෙනවා.මෙම මාධ්‍ය හමුවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා ශානි රත්නායක සහෝදරිය ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img