Friday, May 22, 2026
HomeNEWSශ්‍රී ලංකාව වෙනුවෙන් සෞදියෙන් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් සෞදියෙන් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සමරු මුද්දරයක් නිකුත් කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා සෞදි අරාබියේ කරන ලද සංචාරයකදී මෙම සමරු මුද්දරය ඔහු වෙත භාරදී තිබෙනවා.මෙම සමරු තැපැල් මුද්දරය නිකුත් කිරීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ දැක්වූ සටහන පහත දැක්වේ.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා සෞදි තැපෑල විසින් නිකුත් කරන ලද සමරු මුද්දර සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ලැබීම මට ගෞරවයක් විය. මෙය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කළේය. මිත්‍ර රටවල් දෙකෙහි විදේශ කටයුතු අමාත්‍යවරුන් වශයෙන්, අපගේ ඓතිහාසික හා කල් පවතින ද්විපාර්ශ්වික සබඳතා නව උසකට ඔසවා තැබීමට අපගේ අඛණ්ඩ කැපවීම අපි ප්‍රතිඥා දුන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img