රැස්වීම පවත්වන්නට පෙර ආණ්ඩුවේ නායකයින්ට උණ හැදිලා නම් 21 රැස්වීමෙන් පසු මාලිමා ආණ්ඩුවේ නායකයින්ට උණ සන්නිපාතය හැඳෙයි…..අද දින නව ජනතා පෙරමුණ මාධ්‍ය හමුව සඳහා කොළොන්නාව ආසන සංවිධායක අජිත් පුෂ්පකුමාර මහතා හා පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් කුමාර මහතා හා කොළොන්නාව ආසන ක්‍රියාකාරි එම්. එල්. බුහාරි මහතා හා රත්මලාන ආසන ක්‍රියාකාරි ඩී .ඩබ් රොබට් මහතා ද පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ද සහබාගි වන ලදී. එහිදී අදහස් දැක් වු පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කර සිටියේ 21 වනිදායින් පසු ආණ්ඩුවට උණ සන්නිපාතය හැදෙන බවය. උතුරු පළාත් පාසල් ගැටළුව – අද මාලිමා ආණ්ඩුවේ අග්‍රමාත්‍යවරිය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් උතුරු පළාතේ පාසල් ටික ස්වාභාවික මරණයක් දක්වා ඇදගෙන යමින් සිටිනවා. උතුරු පළාතේ පාසල් 32 ක් තියෙනවා. මේ පාසල් ටිකේ ගුරු පුරප්පාඩු 130 ක් පමණ තියෙනවා. මේ කොළඹ සීත කාමර වල ඉදලා මේ ළමයින්ගේ පාසල් පැවැත්වෙන කාලය පැය 1/2 කින් වැඩි කරන්න ඕන කියන අග්‍රමාත්‍යතුමිය ,ඉතිහාස විෂය තෝරාගැනීමේ විෂයක් බවට පත් කර තියෙන අග්‍රාමාත්‍යතුමිය ඒ වගේම LGBTQI 6 වසරේ සිට පාසල් අධ්‍යාපනයට ඇතුලත් කරන්න අවශ්‍යයි කියන අධ්‍යාපන ඇමතිතුමියට උතුරු පළාතේ ගුරු ගැටළුව ගැන පේන්නේ නෑ. ඒ නිසා උතුරු පළාතේ පාසල් ටික වැසි යෑමේ දැවැන්ත අනතුරකට පත්වෙලා තියෙනවා. 2024 වර්ෂයේ දී එවකට ජනාධිපති ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් බාර දෙමින් ප්‍රකාශ කරසිටියේ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු සඳහා උසස් පෙළ සමත් දරුවෝ ගුරු සහයකින් ලෙස බදවා ගැනීමටත් HND උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඔහුන්ගේ පත් වීම් ලබා දීමටත් කටයුතු කරන ලෙසය. එය ඉතාමත් හොඳ කටයුත්තක්. මේ ක්‍රමයම තමා වතුකරයේ පාසල් සඳහා යෝජනා කර සිටියේ. නමුත් අවාසනාවන්ත කාරණාව නම් අද මේ මාලිමා ආණ්ඩුව වතුකරයේ පවතින පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා ඉන්දියාවෙන් ගුරුවරු ආනයනය කරන්න හදනවා. වතුකරයේ දරුවන් වගේම උතුරේ සිටින දරුවන්ද ඉගෙන ගන්න අවශ්‍ය බව අපි අධ්‍යාපන ඇමතිතුමියට කියන්න කැමති. වතුකරයේ තියෙන පාසල් වල ගුරු පුරප්පාඩු පුරවන්න තියෙන හදිස්සිය උතුරු පළාතේ පාසල් වල ගුරු පුරප්පාඩුව පුරවන්න නෑ. එතුමිය ඒ පිළිබඳව වගේ වගක් නෑ. 2024 වර්ෂයේ එවකට පළාත් ප්‍රධාන ලේකම්තුමා ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරු 160 ක් බදවා ගැනීම සඳහා නිර්දේශ කරන ලද ලිපිය මේ තියෙන්නේ. ඒ වැඩපිළිවෙල හබස් පෙට්ටියට දාලා උතුරේ පාසල් ටික වසන්න අවශ්‍ය කටයුතු ටික කරගෙන යනවා. උතුරේ සිටින්නේ කල්ලතෝලී නෙමේ. වතුකරයේ පාසල් වල ගුරු ගැටළුව විසදන්න ඉන්දියාවෙන් ගුරුවරු ආනයනය කරනවා නම් උතුරේ ගුරු ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල නිර්දේශය අනුව ගුරු සහයකයින් බඳවා ගැනීමට කටුයුතු කරන ලෙස අපි අග්‍රාමාත්‍යතුමියට ප්‍රකාශ කර සිටිනවා.ජන හිතවාදි අයවැයක් – ජනාධිපතිතුමා හෙට දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය තුල ගොවීන්ට පොරොන්දු වු පරිදි පොහොර සහනාධාරය තිබිය යුතුයි,තරුණයින්ට පොරොන්දු වු පරිදි ලක්ෂ 12 විට්ස් කාර් රථය මිලදී ගැනීමේ හැකියාව තිබිය යුතුයි,ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් අඩුම 3% ක් වත් වෙන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දේශිය අල ගොවියා,දේශිය ලුණු ගොවියා අද වහබොන තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දේශීය අල ගොවින් ලූණු ගොවීන් රැක ගන්න අයවැයක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාසල් උපකරණ සඳහා යොදා ඇති බදු මුදල කප්පාදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට පොරොන්දු වු පරිදි වැටුප් වැඩි කරන අයවැය ලේඛනයක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය කේෂ්ත්‍රය ශක්තිමත් කරන්න අවශ්‍ය උපකරණ සුලබ කරන ඒ සඳහා මුදල් වෙන් කරන අයවැයක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ත්‍රීරෝධ රථ රියදුරන්ට,ධීවර කර්මාන්තයේ යෙදෙන සහෝදරයින්ට ඉන්දන සහනාධාරයක් ලබා දෙන අයවැය ලේඛණයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විදුලි බිල 3% කින් අඩුවෙන, ප්‍රෙට්‍රල් ඩීසල් රු 150 කට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමකයින්ට පොරොන්දු වු පරිදි විශ්‍රාම වැටුප් වැඩි කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.ජනාධිපතිතුමනි ,බදු පනවලා ජනතාව පීඩනයට ලක් කරලා ඒ බදු මුදල් වලින් මේ රටේ දේශිය ආර්ථිකය ශක්තිමත් කියලා පෙන්නන්න හැදුවට එම බදු මුදල් වලින් තමයි දේශිය ආර්ථිකය රදා පවතින්නේ කියලා මහජනතාව දන්නවා. ඒ නිසා බදු බරින් ජනතාව මුදා හරින අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.ඒ වගේම මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට කියලා අපිට දැනගන්න ලැබුනා. ආරක්ෂක අමාත්‍යාංශයට පෙර ජනාධිපතිවරු මුදල් වෙන් කරද්දි මෙතරම් මුදල් වෙන් කරන්නේ කුමකටද කියලා ඇහුවා? යුද්ධය නැති රටේ මෙච්චර හමුදාවක් තියාගෙන ඉන්නේ කොස් කොටන්නද කියලා ඇහුවා? මේ රටේ ආරක්ෂකයින් පිරවාගෙන යන්නේ කාගෙන් ආරක්ෂා වෙන්නද කියලා ඇහුවා? ඒ නිසා ජනාධිපතිතුමන්ගෙන් අපි අහන්න කැමති එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස චිවේචනය කල ඔබතුමා අද විධායක පුටුවේ වාඩිවෙලා මුදල් අමාත්‍යවරයා ලෙස ඇයි මෙතරම් මුදලක් ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ. ඔබතුමාගේ ආරක්ෂාව ගැන බොහොම සැලකිලිමත් කියලා අපි දන්නවා. ඒ සඳහා තවත් ඩිෆෙන්ඩර් රථ දෙකක් මේ වනවිට යොදා ගෙන තියෙනවා. රටේ නායකයා ලෙස ඔබතුමා ආරක්ෂා වෙන්න ඕන. ඒකට අපේ කිසිදු විරෝධයක් නෑ. ජනාධිපතිතුමාගේ වැය ශිර්ෂය රු බිලියන 8කින් වැඩි වෙලා තියෙනවා. ඒයට හේතුව ලෙස කියන්නේ Clean Sri lanka ව්‍යාපෘතිය නිසාලු. එම ව්‍යාපෘතියත් නාම මාත්‍රික එකක්. බෝඩ් කෑල්ලකට පමණක් සීමා වෙලා තියෙන්නේ. විශාල මුදලක් ආරම්භක උත්සවය සඳහා වියදම් කලා. මේ රට ඇත්තටම Clean කලේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ යුගයේ විතරයි. මේ රටේ කුණු ගොඩවල් අයින් කරලා, මන් මාවත් ටික හදලා, නගර අලංකරණය කරලා මල් ඉන්දලා ගස් ඉන්දලා නගර අලංකරණය කලේ ඒ යුගයේ පමණයි. දැන් ඒ Clean වු රට Durty වෙලා තියෙනවා. මාලිමා ආණ්ඩුවේ පළාත් පාලන ආයතන ප්‍රධානින්ට කුණු ටික ඇද ගන්න විදිහක් නෑ නගර සභා සේවකයින් කළමනාකරණය කරගන්න විදිහක්නෑ ,කාණු උතුරනවා. ජනාධිපතිතුමනි කුමන චේතනාවෙන්ද එම මුදල් ඔබතුමන්ගේ වැය ශිර්ෂයේ වැඩි කර ගත්තේ කියලා රටට හෙළි කරන්න කියලා අපි කියන්න කැමති.ඒ අයවැය ඉදිරිපත් කරද්දි Clean Sri lanka කතාව කියන්න එපා. ඒක අග්‍රමාත්‍ය කාර්යාලය ඉදිරිපිට තියෙන බෝඩ් කෑල්ලක් පමණී. ජනවාරි මස පටන් ගත්ත ඒ ව්‍යාපෘතිය දැන් මාස 11 ක් වෙලත් වෙච්ච ව්‍යාපෘතියක් නෑ. අයවැය ලේඛනය IMF එකට අවශ්‍ය ලෙස නොවෙයි,ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ජනතා වාදි අයවැය ලේඛනයක් ලෙස ඉදිරිපත් කරන්න කියලා ප්‍රකාශ කර සිටිනවා. මේ ආණ්ඩුවට අවුරුද්දක් ගත වෙද්දි මාරක අපලයක් පල දීගෙන එන්නේ . චිචිගේ රොකට් එක වැටුනා පැලවත්ත කාර්යාලයට,ඊලගට ඊයේ අන්තරායක ඹෟෂධ පාලක නියාමන අධිකාරියෙන් කිව්වා මේ පොලිසියෙන් ප්‍රකාශ කල අයිස් නිෂ්පාදන කතා ප්‍රබන්ධය වැරදි කියලා,තුන්වන කාරණය තමයි මාලිමාවේ පෑලිය ගොඩ මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා ලග තිබි සොයාගත් මත්ද්‍රව්‍ය තොගය. ඒ කත් පැලවත්ත කාර්යාලයට වැටිලා තියෙනවා. රොකට් තුනක් මේ වනවිට පැලවත්ත කාර්යාලයේ වහලය උඩ.මාලිමා ආණ්ඩුව පසුගිය දින වලදි දැඩි උත්සහයක යෙදුනා මෙම මත්ද්‍රව්‍ය ජවාරාම් සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පටලවන්න. හැබැයි අද ඒක පාරාවලලක් වෙලා මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ස්වාමි පුරුෂයන් මේ හා සම්බන්ධ බව හෙලි වෙනවා. ඒ ක තමයි කියන්නේ ” ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට” කියලා. ඒ නිසා මේ උත්සව තියලා බස් දාලා සෙනග ගෙනල්ලා සංදර්ශන පැවැත්තුවට වැඩක් නෑ. කුඩු , පාතාලය මේ රටෙන් මුලින් උපුටා දැමීම ආරම්භ කල යුත්තේ පැලවත්තෙන්මය. කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, ඒ වා බෙදා හරින්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්. ඒ නිසා පොදු ජන පෙරමුණ මනම්පේරි සම්බන්ධ ප්‍රශ්නයේ දී කොන්ද පණ තිබුනා ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කරලා පක්ෂයෙන් නෙරපා හරින්න. නමුත් අද වන විට මාලිමා ආණ්ඩුව හෝ ජනතා විමුක්ති පෙරමුණ පෑලියගොඩමන්ත්‍රි තුමියගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න වත් කටයුතු කරලා නෑ. විනය ක්‍රියාමාර්ගයක් වත් අරගෙන නෑ. අපිට ලැබී තියෙන තොරතුරු අනුව සුගතදාස ගෟහස්ත ක්‍රීඩාංගනයේ පැවැති මත් විරෝධී සංදර්ශනයට මේ මන්ත්‍රී නෝනා ගිහින් තියෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට ඇයගේ පුතා ඒ වනවිටත් නීතියෙන් දඩුවම් විදිනවා. නමුත් මන්ත්‍රීතුමිය ජනාධිපතිතුමන්ගේ දෑත ශක්තිමත් කරන්න කටයුතු කරනවා. මේ තමයි ලොකුම විහිළුව. අනුන්ගේ ශරිරයේ කුණු ලේබලය අලවන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.කුඩු හම්බවෙන්නේ මාලිමා මන්ත්‍රිවරුන්ගේ නිවෙස් වල නිසා දැන් මේ ජාතික ජන බල වේග ආණ්ඩුවේ නම “ජාතික කුඩු බල වේගය” ලෙස වෙනස් කරන්න කියලා අපි ජනාධිපතිතුමන්ට කියන්න කැමති. මේ රටේ බහුතර ජනතාව තීරණය කරලා තියෙනවා වංචනික මුග්ධ ආණ්ඩුවට එරෙහිව නොවැම්බර් 21 වනිදා නුගේගොඩට යන්න. මේ රටේ ජනාතාව රවට්ටපු ,ගොනාට අන්දවපු පාලකයෙක් තමා අද විධායකය හොබවන්නේ. වැඩිම බොරු කියන ජනාධිපති කවුද කියලා ඇහුවොත් ඒ අනුර කුමාර දිසානායක. අපි නුගේගොඩ ට එන්නේ ආණ්ඩු පෙරලන්න නෙමේ. ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්න කියන්න. අල ලූණු ගොවින් එන්නේ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කියලා, ගුරු වරු එන්නේ ඔවුන්ගේ වැටුප් වර්ධක වැඩි කරලා වැටුප් විශමතා නැති කරන්න කියන්න, රණවිරුවෝ ටික එන්නේ රණවිරුවන් පාවා දෙන එක නැති කරන්න කියලා ඉල්ලන්න. දේශ ප්‍රේමි සංවිධාන එන්නේ ජිනිවා වල ශ්‍රී ලංකා රජය හමුදාව පාවා දෙන එක නතර කරන්න කියන්න. ගරුතර ස්වාමින් වහන්සේලා ආගමික නායකයින් එන්නේ මේ සම්බුද්ධ ශාසනයට කරන කෙනෙහිලි කම් වලට විරුද්ධව පෙනි සිටින්න.ඒ නිසා මේ රටේ නායකයින් මොන මතිමතාන්තර දැරුවත් මේ රටේ ජනතාව තීරණය කරලා ඉවරයි 21 වනිදා නුගේගොඩට එන්න.ඒ නිසා රැස්වීම තියන්නත් කලින් ආණ්ඩුවට උණ හැදිලා ඉවරයි. ඒ නිසා පැලවත්තේ රෙදි හෝදන බලකාය දාලා පෙන්නනවා කවුරු රකින්ද නුගේගොඩ එන්නේ කියලා? නැතිනම් පතාල මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව ද එන්නේ කියලා. නෑ අපි කියන්න කැමති කිවු පරිදි පෝය දෙකක් නෙවෙයි…පෝය 11 ගෙවෙද්දි …මහ දවල් මිනි මරද්දි,උසාවි වලට ගිහිල්ලා මිනි රද්දි, පළාත් පාලන ආයතන වලට ගිහිල්ලා මිනි මරද්දි, වාහන වලින් හප්පලා මිනි මරද්දි ඔය කියන පතාල මර්ධනය කෝ. අපි එන්නේ ජනතාවාදි ප්‍රශ්න වලට උත්තර හොයා ගෙන.ආණ්ඩුවට දැන්ම බයට උණ හැදිලා නම් 21 වෙනිදට නුගේගොඩ ජන ගග දැකලා අනුර මහත්තයටයි,හරිනි නෝනටයි,ටිල්වින් සිල්වටයි උණ සන්නිපාතය හැදෙනවා කියලා අපි බොහොම වගකීමෙන් කියෙනවා. උණ සන්නිපාතයටනම් බෙහෙත් නෑ මහත්තයෝ. 21 වෙනිදයින් පසුව මේ හයිබ්‍රිඩ් ආණ්ඩුවේ මාස ගාණ තීරණය වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ පච වලට,කයිවාරු වලට රැවටිච්ච මහ ජනතාවට එන්න 21 වනිදා නුගේගොඩට දුන් පොරොන්දු ඉටු කරනු කියලා අපි මේ ආණ්ඩුවට බලකර සිටිමු.






















