රවී හා අර්ජුන් ඇතුළු සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපති උපදෙස්.
2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.






















